වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ බැංකු නිලධාරීන් ඇතුළු ඉහළ පෙළේ වෘත්තිකයින් අද (20) කොළඹ ස්ථාන දෙකකදී විරෝධතාවක නිරත වේ.
තම වැටුප මත පනවා ඇති බද්ද ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙම විරෝධතාවේ නියැළෙති.
මෙයින් එක් විරෝධතාවක් මුදල් අමාත්‍යාංශය අසල පැවැත්වෙන අතර ඒ හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් වසාදමා තිබේ.
අනෙක් විරෝධතාව නෙළුම් පොකුණ අසල පැවැත්වෙන අතර එම ප්‍රදේශයේ ද මාර්ග අවහිර වී ඇති බව සඳහන්.
RN