*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

වෙනම තරඟ කළත් නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ඉන් ගැටලුවක් නෑ – මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ‘අත’ ලකුණ යටතේ පළාත් පාලන ආයතන 218කට ඇප තැන්පත් කර ඇති අතර, තවත් ආයතන 61ක් සඳහා නිදහස් ජනතා සන්ධානය ලෙස හෙලිකොප්ටරය ලකුණින් ඇප බැඳ තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන පවසයි සඳහන් කළේය.

බහුතර ආයතන සංඛ්‍යාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරඟ කළත් නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ඉන් ගැටලුවක් වන්නේ නැති බවද සිරිසේන මහතා පවසයි .

මේ වන තෙක් ඇප තැන්පත් කර නැති පළාත් පාලන ආයතන 62 ක් ඇති අතර, ඒවා සඳහා ද හෙට (20) දිනයේදී ඇප තැන්පත් කරන බවත් නාමයෝජනා භාරදීමෙන් පසු සන්ධානයක් ලෙස එක්ව කටයුතු කරන බව කී සිරිසේන මහතා එම බැඳීමෙහි කිසිඳු බිඳීමක් සිදුව නැතැයි ද ප්‍රකාශ කළේය. තම පක්‍ෂය වමේ ප්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ හා එක්ව නිදහස් ජනතා සන්ධානය ගොඩනැගුවත්, නාමයෝජනා සඳහා අපේක්‍ෂකයන් තේරීමේදී ඇතිවූ ගැටලු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වැඩි බලයක් ඇති ප්‍රදේශවලට වෙනම තරඟ කිරීමටත්, තවත් ප්‍රදේශවලට සන්ධානයක් ලෙසත් තරඟ කිරීමට තීරණය කළ බව වැඩිදුරටත් පැවසීය .

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan