බංගලාදේශයේ දී කළාප මැරතන් සූර සූරියන් අතරට ලංකාවත්

Date:

මෙවර ඩකා ජාත්‍යන්තර මැරතන් තරගාවලිය නිමාවට පත් වූයේ නැවත වරක් දුර දීවීමේ ජයග්‍රාහි අප්‍රිකානු අනන්‍යතාවය තහවුරු කරමින්.නමුත් දකුණු ආසියාතිකයන්ගේ දස්කම් සළකා බලද්දී කාන්තා මැරතන් අංශයේ දෙවන තැන දිනා ගන්නට සුජානි පෙරේරා සමත් වුණා.ඇය පැය 2:48:22 ක් කාලයකින් දකුණු ආසියාතික කළාපයේ දෙවැන්නිය වෙද්දී එම අංශයෙන් පස්වන තැන දිනුවේ වත්සලා පෙරේරා යි.ඇය පැය 2:54:20 ක කාලයක් වාර්තා කරනු ලැබුවා.


පිරිමි අංශයේ දී දකුණු ආසියානු කළාපයේ දක්ෂයන් තෝරද්දි එම මැරතන් තරගයේ පස්වන තැනට පැමිණියේ සිසිර කුමාරයි.ඔහු පැය 2:24:48 ක කාලයකින් තරගය නිමා කරන්නට සමත් වුණා.ශ්‍රී ලංකාවේ දී හොඳම කාලය වාර්තා කරමින් සුදුසුකම් ලැබූ තලාවරිගයාගේ රත්නපාලට මෙම ඉසව්ව නිමා කරන්නට පැය 2:28:52 ක කාලයක් ගත වුණා.ඔහු දකුණු ආසියාතික කළාපයේ දක්ෂතා අතර හය වැන්නා වූවා.


දකුණු ආසියානු කළාපීට දක්ෂතා සළකා බලද්දී කාන්තා අංශයේදී වැඩිම දස්කම් වාර්තා කරන්නට නේපාලය සමත්වීම කැපී පෙණුනා.මැරතන් තරගයේ දකුණු ආසියානු කළාපයේ පළමු තැන දිනූ නේපාලයේ පුෂ්පා භන්දාරි පැය 2:48:02 ක දස්කමක් දක්වමින් ජය ගනිද්දී,නේපාලයේ බින්ද්‍ර ධානකී තෙවැන්නිය වූවා.ඇයට ගත් වූ කාලය වූයේ 2:52:32 ක්.සිව්වැනි තැන ඉන්දියාවට හිමි වූණා.


පිරිමි මැරතන් අංශයේදී මෙන්ම පිරිමි අර්ධ මැරතන් අංශයේදී ඉන්දියානු ආධිපත්‍යය තදින් පැතිර ගියා.එම තරගවල දකුණු ආසියාතික මට්ටමේ මුල් ස්ථාන තුනම ඉන්දියාවට හිමි වුණා.අර්ධ මැරතන් තරගයේ සිව්වන තැන දිනා ගන්නට ෂම්මුගේෂ්වරන් කුමාර් සමත් වුණා.ශ්‍රී ලංකාව වෙනුවෙන් පැය 1:07:04 ක් කාලයක් වැය කරමින් ෂම්මු සිව්වන තැන ගනිද්දී ධනුෂ්ක සදරුවන් පැය 1:09:50 ක් වැය කර හයවැන්නා බවට පත් වුණා.පැය 1:13,43 න ඉසව්ව නිමා කර ශ්‍රී ලංකාවේ ඩිලාන් සඳරුවන් කළාපීය දක්ෂතා අතර 10 වන තැන සටහන් කර ගත්තා.


කාන්තා අර්ධ මැරතන් තරගයේදී දකුණු ආසියානු කළාපීය සූරයන් සළකද්දී මුල් ස්ථාන 10 අතර ඉහළින්ම ඉන්න සමත් වූයේ එම අංශයේ හය වැනියා සේ තරගය නිමා කර තිබූ චාමිනී හේරත්.නව වන ස්ථානයේ ද ශ්‍රී ලංකාවේ නම සටහන් කරන්නට ඉදිරිපත් වූ නිලූෂි කුමාරි නව වැන්නා සේ තරගය නිම කළා.
ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රතිපල සළකද්දී මැරතන් කාන්තා සහ පිරිමි ජයග්‍රහණවල මුල් දස දෙනා අතරත්,අර්ධ මැරතන් තරගයේදී කාන්තා සහ පිරිමි දෙ’අංශයෙන්ම මුල් ස්ථාන පහ අතරත් අපහසුවකින් තොරව ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් වූයේ අප්‍රිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝය.ඒ ප්‍රතිපල සටහන් ඔවුන්ගේ නිල මුහුණු පොතින් ගෙන මෙහි අලවා ඇත.


ප්‍රධාන ඡායාරූපයේ සිටින්නී දකුණු ආසියාතික කළාපයේ දෙවැන්නිය වූ සුජානි පෙරේරා ය.එසේම මේ සමඟ සමස්ත ප්‍රතිපලය අනුව කළාපිය තෙවැන්නන් සේ අත් කර ගත් ලෝකඩ පදක්කමක ඡායාරූපයක්ද වේ.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...