*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීමට අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට කටයුතු කළා – ඉන්දීය විදේශ ඇමති

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා ණයහිමියන් ක්‍රියාශීලිව පියවරගත යුතු බව ඉන්දියාව දැඩි ලෙස විශ්වාස කරන බවත්, එබැවින් අන් පාර්ශ්ශව දෙස බලා නොසිට නිවැරදි යැයි සිතන පියවර ගැනීමට ඉන්දියාව තීරණය කළ බවත් විදේශ අමාත්‍යවරයා කීය.

ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නිසැකවම වත්මන් ආර්ථික අභියෝගය ජයගන්නා බව ඉන්දියාව විශ්වාස කරන අතර, විශ්වාසවන්ත මිතුරෙකු ලෙස ඉන්දියාව මෙම අසීරු කාලසීමාවේදී ශ්‍රී ලංකාව සමඟ සිටින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘත්මත් කිරීම සඳහා ඉන්දියාවෙන් ලබාගත හැකි සහාය පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි ඉක්මණින් ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක අසල්වැසියෙක් සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු බවත්, මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට යළි ප්‍රකෘතිමත්වීම සඳහා අමතර පියවර ගණනාවක් වුවත් ඉදිරියට තැබීමට ඉන්දියාව සූදානම් බවත් ජයශංකර් මහතා පැවසීය.

ශ්‍රී ලාංකිය ආර්ථිකයට යළි ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණිම සඳහා එම ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රවන බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයන් තුළ ආයෝජන සිදු කිරීමට ආ‍යෝජකයන් දිරි ගන්වන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා,

“තිරසාර ආදායම් මාර්ගයක් බවට පත් කළ හැකි අතිවිශාල පුනර්ජනනීය බලශක්ති විභවයක් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවට එවන් ක්‍රියාවකට මුලපිරීම සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු වීමට ඉන්දියාව සූදානමින් සිටිනවා. මෙම සහයෝගීතාව ඉදිරියට ගෙන යන පුනර්ජනනීය බලශක්ති රාමුව පිළිබඳ අද පැවති සාකච්ඡාවලදී ද එකඟතාව පළ කෙරුණා.

මෙවන් ක්‍රියාදාමයක් ආරම්භ කීරීම සදහා උත්තේජනයක් ලෙස ශ්‍රී ලංකාව තුළ වඩා යහපත් ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කළයුතුයි. නීති සම්පාදකයින් මෙහි ඇති වැදගත්කම අවබෝධකරගනු ඇතැයි මම සිතනවා.

මේ සඳහා අද ශ්‍රී ලංකාවට ඇති බරපතල අභියෝගයක් වන්නේ බලශක්ති සුරක්ෂිතතාවයි. මෙවන් වාතාවරණයකදී සොයාගනු ලබන විසඳුම් විශාල කලාපයක් ආවරණය කළ යුතුයි. එහි සම්පූර්ණ ප්‍රතිලාභය ශ්‍රී ලංකාවට හිමි වන්නේ එවිටයි.

සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය වන අතර ඉන්දීය සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කැපවීම තුළින් එහි යහපත් ප්‍රතිඵල ළඟාකරගත හැකියි.

මෙම දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාවේ සහයෝගීතාව ශ්‍රී ලංකාවට පළ කිරීම මගේ මෙම සංචාරයේ අරමුණයි . ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාරයක් ලෙස පසුගිය වසරේ ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ ණය පහසුකම් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා එම ණයහිමියන් ක්‍රියාශීලිව පියවර ගත යුතු බව ඉන්දියාව දැඩි ලෙස විශ්වාස කරනවා. එබැවින් අන් පාර්ශ්වයන් දෙස බලා නොසිට නිවැරදි යැයි සිතන පියවර ගැනීමට ඉන්දියාව තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට යළි ප්‍රකෘත්මත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට අපි කටයුතු කළා.

අපේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහාය දක්වන අතරම සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සමානව කටයුතු කිරීම සහතික කිරීමයි. ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය උදෙසා ඉන්දියාව සැමවිටම සහාය වනවා.

දේශපාලන බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නය සහ ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ අදහස් මා සමඟ ප්‍රකාශ කළා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළයුතුය යන අපේ අදහසත්, පළාත් සභා මැතිවරණ හැකි ඉක්මණින් පැවැත්වීම පිළිබඳ අදහසත් පිළිබඳ මම ඔහුව දැනුවත් කළා.

දිගුකාලීන ප්‍රතිසන්ධානයක් සඳහා උත්සාහයන් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වල යහපත සඳහා හේතු වනවා. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මම විශ්වාස කරනවා”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan