*
Monday, September 23, 2024
spot_img

Latest Posts

පොලිසියෙන් නොසිතූ ප්‍රහාරයක් – මහනුවර නූලෙන් බේරෙයි

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් සූරතාවලියේ ඉකුත් වසරේ සූරතාවය රැක ගැනීම සඳහා විශිෂ්ඨ ක්‍රීඩා රටාවක් සමඟින් අපරාජිතව ඉදිරියට ඇඳෙන මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ මුහුණ දුන් විශාලම අභියෝගය යාන්තමින් රැක ගනිමින් සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමඟ තරගයෙන් අසීරු ජයග්‍රහණයක් හිමි කර ගත්තා.තුරග තරග පිටියේ පැවති මෙම තරගයෙන් මහනුවර කණ්ඩායම ජයගනු ලැබුවේ ලකුණු 25 – 17 ක් ලෙසයි.එසේම ඉහළ දක්ෂතා දක්වමින් සිටි හැව්ලොක්ස් කණ්ඩායමට ඊයේ (21) නොසිතූ පරාජයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ පොලිස් ක්‍රීඩා සමාජය ඉදිරියේදී යි.එහදී පොලිස් ක්‍රීඩා සමාජය 21 – 19 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායමට පරාජය උරුම කර දුන්නේ හැව්ලොක්ස් පිටියේදිමයි.


මහනුවර කණ්ඩායම සහ සීඑච් ඇන්ඩ් එෆ්සී අතර තරගයේදී මහනුවර කණ්ඩායම උත්සාහක දිණුම් හතරක් වාර්තා කරන්නට සමත් වූ අතර ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර ගැනීමටත් සමත් වුණා.එසේම එක් උත්සාහක දිණුමත් සහ ප්‍රවර්ථනයක් සාර්ථක කළ තරින්ද රත්වත්ත නිදහස් පහරක්ද සාර්ථක එල්ලයට යොමු කරමින් මහනුවරට ලකුණු එකතු කරන්නට සමත් වුණා.මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරින්දට අමතරව,චතුර සොයිසා,උචිත ජයසූරිය සහ කවිඳු පෙරේරා ද උථ්සාහක දිණුම් වර්තා කළ අතර නයිජල් රත්වත්ත එක් ප්‍රවර්ථනයක් සාර්ථක කර ගන්නට සමත් වුණා.


සීඑච් කණ්ඩායමේ ලකුණු 25 වාර්තා වුණේ උත්සාහක දිණුම් තුනක් සහ එහි සාර්ථක ප්‍රවර්ථන දෙකක් සමඟින් එකතු වූ ලකුණු 19 ට නිදහස් පහර දෙකක් ද එකතු වීමෙන්.උත්සාහක දිණුම් තුනෙන් දෙකක්ම රෝහිත රාජපක්ෂ වාර්තා කළ අතර එක් උත්සාහක දිණුමක හිමි කරු වූයේ ඔවින් හෙට්ටිආරච්චි යි.එම උථ්සාහක දිණුම් තුනෙන් දෙකක්ම සාර්ථකව ප්‍රවර්ථනය කළ හිරූෂ සම්පත් නිදහස් පහර දෙකක් ද නිසි එල්ලයට යොමු කරන්නට සමත් වුණා.


තරගයේ මුල් අර්ධය මහනුවර ජයග්‍රාහී ලීලාවෙන් ක්‍රියාත්මක වූ අතර ලකුණු 17 – 8 ක් ලෙස ඉදිරියෙන් සිටියා.දෙවන අර්ධයේදී තත්ත්වය සපුරා වෙනස් කරන්නට පටන් ගත් සීඑච් ක්‍රීඩකයින් ලකුණු 17 ක් ලබා ගනු ලැබුවා.ප්‍රබල මහනුවර කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 10 ක් පමණයි.අවසාන භාගය තියුණු මුහුණුවරක් ගත් තරගයේ ප්‍රථම අර්ධයේ වාසිය ලකුණු දෙකක ජයග්‍රහණයක් බවට පෙරළා ගත් මහනුවර කණ්ඩායම තව දුරටත් අපරාජිතකම රැක ගනිද්දී,සීඑච් කණ්ඩායමේ අවන්ත ලී රතු කාඩ් අවවාදයකටත්,මහනුවර ක්‍රීඩා සමාජයේ තිළිණ බණ්ඩාර කහපත් අවවාදයකටත් ලක් වුණා.


හැව්ලොක්ස් පිටියේදී ලකුණු සටහනේ දෙවන තැන සිටින හැව්ලොක්ස් ක්‍රීඩකයින් අන්ද මන්ද කරමින් අවසාන ස්ථානයේ රැදී සිටි පොලිස් කණ්ඩායම ලකුණු 21 – 19 ක් ජයක් අත් කර ගනිද්දී පොලිස් ලකුණු සටහන උත්සාහක දිණුම් තුනකින් සහ ඒවායේ සාර්ථක ප්‍රවර්ථනවලින් පෝෂණය වී තිබුණා.හැව්ලොක්ස් කණ්ඩායම ලබා ගත් උත්සාහක දිණුම් තුනෙන් ප්‍රවර්ථන දෙකක් පමණක් සාර්ථක වුණා.
පොලිස් කණ්ඩායම වෙනුවෙන් නිසල් සමාධි ,ශානක හරිස්චන්ද්‍ර සහ යොහාන් පීරිස් උත්සාහක දිණුම් වාර්තා කර අතර එම උත්සාහක දිණුම් තුනම සාර්ථකව ප්‍රවර්ථනය කරන්නට යොහාන් පීරිස් ට හැකි වුණා.හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් චානක චන්දිමාල්,රන්දිත වර්ණපුර සහ විමුක්ති රාහුල උත්සාහක දිණුම් ලබා ගන්නට සමත් වූණා.සදේශ් ජයවික්‍රම එහි ප්‍රවර්ථන දෙකක් සාර්ථක කර ගන්නට සමත් වුණා.


ආසන්න ලකුණු පරතරයක් සහිතව තරගය මුල සිටම කණ්ඩායම් දෙකේ සමාන දස්කම් සහිතව පෙරට ඇඳුණ අතර මුල් අර්ධයේදී පොලිසිය ලකුණු 14 – 12 ක් ලෙස පෙරමුණේ සිටියා.උත්සාහක දිණුම් දෙකක් වාර්තා කර පොලිසිය එම දෙකෙහිම ප්‍රවර්ථන සාර්ථක කර ගත්ත ද,හැව්ලොක්ස් කණ්ඩායමට එක් ප්‍රවර්ථනයක් මඟ හැරුණා.එම වාසිය දිගටම පොලිසියේ ජයග්‍රහණයට හේතු වුණ අතර දෙවන අර්ධයේදී දෙපිළම උත්සාහක දිණුමක් සහ ප්‍රවර්ථනයක් මඟින් ලකුණු 7 බැඟින් එකතු කරගෙන තිබුණා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan