හොඳම විසඳුම ගම්මන්පිලට විදුලිබල දීලා ලොකුගේට බලශක්ති දෙන එකයි – ඩිලාන්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට සහ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට තිබුණේ වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් උද්ගතව ඇති ප්‍රශ්නය මාධ්‍ය ඉදිරියෙහි නොව පෞද්ගලිකව කතාබහ කර විසඳාගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

”ගම්මන්පිල ඇමතිතුමාටයි ලොකුගේ ඇමතිතුමාටයි කාමරේකට ගිහිල්ලා, දෙන්නා කතා කරගෙන, අපි මේක මෙහෙම කරමුයි කියලා යෝජනා කරන්නයි තිබුණෙ මේ අපේ යාළුවො ඉස්සරහාපිට ඇවිල්ලා මේක කියන්නෙ නැතුව. දැන් සාමාන්‍යයෙන් බලන කෙනෙකුට පෙනෙන්නේ ගම්මන්පිල මහත්තයා වෙන ආණ්ඩුවක, ලොකුගේ මහත්තයා තව ආණ්ඩුවක කියලානෙ. මේ අපේ ආණ්ඩුවෙ බලශක්ති ඇමතියි විදුලිබල ඇමතියිනෙ ? ඕකට හොඳම විසඳුම තමයි කැබිනට් සංශෝධනය කරනවා නම් ගම්මන්පිල විදුලිබල ඇමති කරලා ගාමිණී ලොකුගේ බලශක්ති ඇමති කරන එක. එතකොට වැඩේ හරියට වෙයි”

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...