ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දයක් පාවිච්චි කිරීමම නෙවෙයි – වජිර

Date:

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට වඩා රටේ දියුණුව වෙනුවෙන් කළයුතු වෙනත් බොහෝ දෑ පවතින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“1987 මේ වගේම නාමයෝජනා පත්‍ර භාරගත්තා, නමුත් මැතිවරණයක් තිබුණෙ නෑ. එතකොට මේ රටේ ඉතිහාසය තුළ විවිධ අවස්ථා තිබෙනවා රටේ පීඩනය ආපු වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ක්‍රියා කරපු. බොහෝ අය හිතන්නෙ ඡන්දයක් පාවිච්චි කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ කියලා. නෑ, ඡන්දයක් පාවිච්චි කිරීමට වඩා, රට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා නම් සිංගප්පූරුවේ තිබෙන නීති පද්ධතිය ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තිබෙනවා. ජපානයේ තිබෙන නීති පද්ධතිය ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තිබෙනවා. නීති රීති අවශ්‍ය කරන රටක, ඒවා නිසි ආකාරව ඉදිරිපත් නොකර අපි යන ගමනෙන් බංකොලොත් වූ රට තවත් විනාශයකට තල්ලු කරන්න එපායි කියන එක තමයි ප්‍රකාශ කරන්න තිබෙන්නේ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ පසුගිය 21 වනදා නාමයෝජනා භාරදීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...