මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි.

පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව මේ සතියේදී තමාට ලැබෙනු ඇතැයි පැවසූ කතානායකවරයා පනත් කෙටුම්පත ලැබුණු පසු ඊට සහතිකය සටහන් කිරීමට පියවර ගන්නා බවත් පනත් කෙටුම්පත බලාත්මක වන්නේ තමාගේ අත්සන සහතික කිරීමෙන් පසුව බව මහින්ද යාපා අබේවර්ධන මහතා කීවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...