ඩඩ්ලි සිරිසේන දැන් රටේ වෙළඳ ඇමති වෙලා. බන්දුල ඉල්ලා අස්වෙන්න ඕනෑ හරිනම් – මුජිබර්

Date:

කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මේ වනවිට රටේ වෙළඳ ඇමතිවරයාගේ රාජකාරි කරමින් සිටින බැවින් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

”ජනාධිපතිතුමා පහුගිය කාලෙ මේ රටේ හාල් මාෆියාව කඩන්න නේ ආවෙ ? හාල් මාෆියාව කඩන්න කියලා, අපට අර දකුණු ඉන්දියානු චිත්‍රපටිවල පෙන්නනවා වගේ ගිහිල්ලා පැන්නා වී මෝල්වලට, හංගපු ඒවා ගෙනාවා, අන්තිමට මොකද වුණේ ? අන්තිමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් තනතුරට හමුදාවෙ ජෙනරාල්වරයෙක් පත්කළා, ඊළඟට පාරිභෝගික පනත වෙනස් කළා පාර්ලිමේන්තුවෙ … ඒ සියලු දේවල් කළා. කරලා දැන් මොකද වුණේ ? අන්තිමට ආණ්ඩුව හාල් මෝල් හිමියන්ට යටත් වුණා නෙ … ඒකනෙ සිද්ධ වුණෙ …

දැන් හාල්වල මිල කවුද තීරණය කරන්නෙ ? දැන් ඩඩ්ලි සිරිසේන මහත්තයා මං දැක්කා ඊයෙ පෙරේදා කියලා තියෙනවා, බයවෙන්න එපා හාල් මිල වැඩිවෙන්නෙ නැහැයි කියලා. එතකොට දැන් ඩඩ්ලි සිරිසේන මහත්තයා තමයි මේ රටේ වෙළඳ ඇමතිවරයා බවට පත්වෙලා තියෙන්නෙ. වෙළඳ ඇමතිතුමා මොකක්ද කරන්නෙ ? වෙළඳ ඇමතිතුමා බඩු දෙක තුනක් එකතු කරලා, මම හැමදාම අඩුවෙන් බඩු දෙනවායි කියලා … බන්දුල ගුණවර්ධන ඇමතිතුමා අර බඩු ටිකක් පැකට් කරලා – අපි අර ගංවතුර කාලෙට බෙදන්නෙ, මිනිස්සුන්ට මොනවාහරි විපත්තියක් වුණාම. ඒ වගේ එතුමා හැමදාම මොකක්හරි බඩු කීපයක් එකතු කරලා මල්ලක දාලා මම මේක 4000 බඩුමල්ල 2000 ට දෙනවයි කියනවා, ලැජ්ජයි ! මම නම් කියන්නෙ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ගෙදර යන්න ඕනෙ”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) නෙත් එෆ්. එම්. නාලිකාවේ පැවති සංවාදයකට එකතු වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...