ජසින්ඩා යයි, ෆවුසි එයි. ජසින්ඩාට 85 යි, ෆවුසිට 42 යි ?

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතාව පත්කර තිබේ.

මේ සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.

දීර්ඝ කාලයක් දේශපාලනයෙහි නියැළුණු, කැබිනට් අමාත්‍ය තනතුරු ඇතුළු තනතුරු ගණනාවක් දැරූ ෆවුසි මහතාගේ වයස මේ වනවිට අවුරුදු 85 කි.

නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වෙමින් දේශපාලනයෙන් ද සමුගන්නා බව ප්‍රකාශයට පත් කළේ පසුගිය සතියේදී ය. ඇයගේ වයස අවුරුදු 42 කි. නවසීලන්තයේ එහෙම වුණාට අපේ පිං කෙත හෙළ රන් දෙරණේ එහෙම වෙන්නේ නැත.

කෙසේවෙතත් අපට ෆවුසි මහතාගෙන් කිරීමට එක ඉල්ලීමක් තිබේ. ඒ, කෙසේ හෝ ඔය අවුරුදු දෙකහමාර අල්ලාගෙන සිටින ලෙස ය. මන්දයත් ෆවුසිගේ නමට පහළින් සජබ කොළඹ මනාප ලැයිස්තුවේ ඇත්තේ අරගලයට ද ඇණයක් වී පක්ෂයටත් ඇණයක් වුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නම නිසා ය. හිරුණිකා පාර්ලිමේන්තුවට පැමිණ ඇගේ කට අරිනවාට වඩා ෆවුසි පාර්ලිමේන්තුවට පැමිණ මොකුත්ම කතා නොකර සිටීම වඩාත් හොඳ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...