15 වන බටහිර ආසියානු බේස්බෝල් සටනට ශ්‍රී ලංකාව හෙට පකිස්තානයට

Date:

ශ්‍රී ලංකාවේ පැවති 14 වන බටහිර ආසියාතික බේස්බෝල් සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකාව හෙට එම සූරතාවය ආරක්ෂා කර ගැනීමේ බලාපොරොත්තු පෙරදැරිව 15 වන ආසියානු බේස්බෝල් සූරතාවයට සහභාගි විම සඳහා හෙට පකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.තරගාවලිය ජනවාරි 26 ආරම්භ වි පෙබරවාරි 02 වන දා නිමාවීමට නියමිතය.පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී තරගාවලිය පැවත්වෙන අතර මෙවර තරගාවලියට කණ්ඩායම් හතක් එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට අමතරව මෙවර තරගාවලියට ඉන්දියාව,පකිස්තානය,ඇෆ්ගනිස්තානය,බංගලාදේශය සහ නේපාලය යන දකුණු ආසියාතික රටවල් ද එක්වීමට නියමිතය.ප්‍රථම වතාවට මේ තරගාවලිය සඳහා සහභාගි වීමට පලස්තීන කණ්ඩායමක් ද තරගාවලියට එක්වීමට නියමිතය.
අවසාන වරට පැවති අවස්ථාවේ ශ්‍රී ලංකාව මේ තරගාවලිය ජයගත්තා පමණක් නොව ශෂික දුල්ෂාන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාද විය.ඔහු මෙවර කණ්ඩායමේ ද සිටින අතර කණ්ඩායම මෙවරත් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව බේස්බෝල් කණ්ඩායම් ආරංචි මාර්ග හරහා වාර්තා වෙයි.
ජාත්‍යන්තර සූරතාවයක් දිනා ගත් කණ්ඩායමකට අවශ්‍යය සැළකිල්ල බේස්බෝල් කණ්ඩායමට නොලැබුණ අතර,එම සූරතාවයේ කීර්තිය සමඟ වැඩි දේශපාලන බරවල්වලට ලංසු තබමින් දීර්ඝ කාලයක් මෙහි සිටින පරිපාලන චරිත ගත් තීන්දු විසිර ගියේ,හිටපු රටේ නායකයා මෙන්ම තනතුරද හිස් කර ඉවතට යමින්ය.ඉන් අනතුරුව පැමිණි සහ විශ්වාසය දිනා ගත් චරිතය ද දේශපාලන ඇගෑළුම්කම්වලට රුචි අයෙකි.ඒ නිසා අවසාන මොහොත වෙන තෙක්ම අසීමාන්තික පීඩනයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය ලබා ගන්නට හැකි විය.
නමුත් මිල වෙනස් වන පරිසරයක නව නීති සකසමින් දින ගණන් දුර තියා අනුමැතියට යොමු කිරීමේදී විය හැකි වරදක් වන්නේ නියමිත දිනය වන විට විය හැකි මිල ගණන්වල ඉහළ යාමය.අභ්‍යන්තර තොරතුරු හරහා වාර්තා වන්නේ එම තත්ත්වයට මෙම කණ්ඩායම ද මුහුණ දුන් බවය.ජාත්‍යන්තර තරගාවලියක් ජය ගත් කණ්ඩායමක් එම තරගාවලියම නියෝජනය කර සූරතාවය රැක ගැනීමට උත්සාහ කරන්න යාමේදී ඇතිවන මේ තත්ත්වය රටක ක්‍රීඩාව කරවන තැන්වලින් බලාපොරොත්තු විය නොහැකි තරම්ම අශෝභන තත්ත්වයක්ය.විවිධ පුද්ගලයන් මත විශ්වාසය තබා ඔවුන්ගේ ඇරියස්වලට බල්ටි ගසන්නට දෙන තත්ත්වයට පත් වී සිටින ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට ගනු ලබන තීරණ ක්‍රීඩාවට යහපත් නොවන තත්ත්වයක් පෙනෙන්නට ඇත.
කෙසේ හෝ හොඳ මට්ටමක ජපන් ජාතික පුහුණුකරු නොනාකා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සිටියත් දීර්ඝ කාලයක් විදෙස් තරග අත්දැකීම් නැති ශ්‍රී ලංකාවට අනෙකුත් රටවල් ගැන දුර තියා සැළසුමක් අදින්නට ඉඩ අඩුය.නමුත් ඉස්ලාමාබාද් නුවර බේස්බෝල් පිටිය හොඳට හුරු පුරුදු පිරිස් ද මේ කණ්ඩායම සමඟ ඇත.ඒ සියල්ල එකතු කර තැනේ හැටියට හැඩේ වෙනස් කරගෙන තරගයෙන් තරගයට ජයග්‍රහණය කරා යන්නැයි අපි ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට සුබ පතන්නෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...