44 වසරකට පසු පූර්ණ නවීකරණයකට ලක් කෙරුණු ”සිරිමතීපාය”

නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවට මල් පූජා කිරීමෙන් අනතුරුව රාජකාරී ආරම්භය සංකේතවත් කළේය.

නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා ඇති ඡායාරූප නැරඹූ ජනාධිපතිතුමා කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කළේය. කාර්යාලයේ නව රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්දිරයේ ප්‍රතිසංස්කරණය සිදු කර තිබේ.

ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් මෙම දෙමහල් මන්දිරය වර්ෂ 1916 දී ඉදිකර තිබේ. එතුමාගේ අභාවයෙන් පසු වර්ෂ 1960 දී පවුලේ සාමාජිකයන් විසින් එය රජයට පවරා දෙනු ලැබිණ.

අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය එකළ සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 දී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් සිරිමතීපායෙහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවීය.

වසර සියයකට වඩා අධික “සිරිමතීපාය” පැරණි සැලසුමට අනුවම පූර්ණ නවීකරණයට ලක් කොට ඇත්තේ වසර 44කින් පසුව ය.

“සිරිමතීපාය” ඉතිහාසය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් ග්‍රන්ථය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජනාධිපතිතුමාට පිළිගැන්විණ.

නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය කාර්යාලයේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරු සමග ඡායාරූපයකට පෙනී සිටියේය. අනතුරුව සමරු පොතෙහි සටහනක් ද තැබීය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු, හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරු, රාජ්‍ය නිලධාරිහු සහ ඇල්බට් අර්නස්ට් ද සිල්වා පවුලේ ඥාතීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

DGI

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...