මේ අර්බුදයේ පතුලේ තිබෙන සාධකය අපේ රටේ දේශපාලන සංස්කෘතියයි

Date:

රටේ මතුව ඇති අර්බුදය ආර්ථික කරුණු මත විග්‍රහ වන මුත් එහි පතුලේ තිබෙන සාධකය රටේ පවතින දේශපාලන සංස්කෘතිය බව ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඉකුත් දින ජාතික ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ ජාතික ආර්ථික සංසදය අමතමිනි.

“අපේ රටේ විවිධ පැතිවලින් ආර්ථිකයේ කඩා වැටීම පිළිබිඹු වෙනවා. උද්ධමනය වැඩිවීමෙන්, ණය ගෙවා ගැනීමට නොහැකිවීමෙන්, රැකියා අහිමිවීමෙන් මේ ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිඵල පෙන්නුම් කරනවා. ව්‍යාපාර අවිනිශ්චිත තත්ත්වයට පත්වීමෙන් ආර්ථික කඩාවැටීම අපිට පිළිබිඹු වෙමින් තිබෙනවා. අද අපේ රට මුහුණ දී තිබෙන සියලු ගැටලුවල අවසන් ප්‍රතිඵලය තමයි, අණ්ඩුවට වියදම් කරන්න රුපියල් අහිමිවීම. රටට වියදම් කරන්න ඩොලර් නැතිවිම. 2023 අයවැය ලේඛනයේදි අපි රුපියල් ට්‍රිලියන 2ක ණය වාරික ගෙවීමට ඇස්තමේන්තු කර තිබෙනවා. පොලී වාරිකය ට්‍රිලියන 2.2යි. 2023 සඳහා අපේ ණය වාරිකය සහ පොලී වාරිකයේ එකතුව ට්‍රිලියන 4.2යි. 2022දී රජයට ලැබුණු මුළු ආදායම රුපියල් ට්‍රිලියන 2යි. ව්‍යාපාරික මහත්වරුන් හැටියට ව්‍යාපාරයක් එහෙම පවතින්න බැරි බව ඔබ දන්නවා. සාමාන්‍යයෙන් නිවසක් පවතින්නත් බැහැ. එහෙම රටක් පවතින්නත් බැහැ. ඒක තමයි මේ ගැටලුවල අවසාන ප්‍රතිඵලය.

අපේ රට වියදම් කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගැනීමට අසමත් වෙලා. 2021 වාර්තා බැලුවොත් අපේ ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 8.1යි. ආසන්න වශයෙන් වසරකට අපේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 6.7යි. අපේ භාණ්ඩ අපනයනය කිරීම වෙනුවෙන් හා ණය වාරික වෙනුවෙන් අපට වසරකට ඩොලර් මිලියන 14.8ක් අතිරේක වශයෙන් අවශ්‍යයි. ඒක අපට උපයාගන්න බැහැ. මේ අර්බුද දෙකට අපි මුහුණ දී තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියා අපි හොයන්න අවශ්‍යයි. අපේ මූලික ආර්ථික උපායමාර්ග මම ඉදිරිපත් කරන්නම්. අනතුරුව මේ අර්බුදයෙන් ගොඩඒමේ මාවත කතා කරමු.

මූලික ආර්ථික උපායමාර්ගයේදී අපි බොහෝ අය මේ ආර්ථික ප්‍රශ්න සාකච්ඡා කරන්න උපයෝගී කර ගන්නවා, ආර්ථිකමය කරුණු. බදු ප්‍රතිපත්ති වැරදියි. අපි ගත්තු ආනයන ප්‍රතිපත්ති වැරදියි. සැලසුම් වැරදියි වගේ. අපි හිතනවා මේ ආර්ථික කරුණු ප්‍රධානයි වගේම මේ අර්බුදයේ පතුලේ තිබෙන සාධකය, අපේ රටේ දේශපාලන සංස්කෘතියයි (පොලිටිකල් කල්චර්). අපේ රටේ ව්‍යාපෘති බැලුවත්, බදු වෙනස් කිරීම්, ලිහිල් කිරීම් බැලුවත් අපේ රටේ ණය ගැනීම් දෙස බැලුවත් අපි රාජ්‍යයන් සමග එකතු වෙන සබඳතාවයන් දෙස බැලුවත් ඒ පිටුපස තිබෙන්නේ පොලිටිකල් කල්චර් එක. ඒ නිසා මේ රට ගොඩනඟනවා නම් අපට පදනමක්, බේස් එකක් අවශ්‍යයි. අපි ඔබට සහතිකයක් දෙනවා මේ කඩා වැටී, කුණුවී තිබෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා. මේ පදනම හදන්නේ නැතිව අපට පෙරට යා නොහැකියි”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...