” රතන හිමියන්ට අපි ගෞරව කරනවා. නමුත් ඔබ වහන්සේලා නිසා තමයි අද රටට කන්නවත් නැත්තේ ” – කුමාර වෙල්ගම

Date:

නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටින්නේ අද රටේ ජනතාවට කන්නවත් නැත්තේ රතන හිමියන් ඇතුළු පිරිසකගේ වැරදි උපදෙස් සහ ගෝඨාභය රජය දරදඬු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නිසා බවත් එබැවින් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම කඩාකප්පල්කර තවදුරටත් රට විනාශ නොකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටින බවත්ය.

මෙම අවස්ථාව කඩාකප්පල් කළහොත් තවදුරටත් රට විනාශ මුඛයට යෑම නොවැළැක්විය හැකි බවත් දේශපාලන අරමුණු වෙනුවෙන් රට විනාශයට ඇද දැමිය නොහැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්ව පාක්‍ෂික හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එසේ ප්‍රකාශ කළේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කොන්දේසි සහ විරෝධතා දැක්වීමෙන් පසු කුමාර වෙල්ගම මහතා අදහස් දක්වමින් උන්වහන්සේගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළ අතර ජාතීන් අතර සහජීවනය ඇති කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙසේ සඳහන් කළේය.

” රතන හිමියන්ට අපි ගෞරව කරනවා. නමුත් ඔබ වහන්සේලා නිසා තමයි අද රටට කන්නවත් නැත්තේ. රසායනික පොහොර තහනම නිසා ඇතිවූ තත්ත්වය මත අද මන්දපෝෂණය ඉහළ ගොස් තිබෙනවා. මිනිස්සුන්ට කන්න නැහැ. එදා ඔබ වහන්සේලා ගත්ත දැඩි තීන්දුවල ඵල විපාක අද රට අත්විඳිනවා. ඒ නිසා ජාතීන් අතර සහජීවනය ඇති කරන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අකුල් හෙළිය යුතු නැහැ. මෙය කඩාකප්පල් කළහොත් රට තව තවත් විනාශයට යෑම වළක්වන්න බැහැ.

එම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අද බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා එය ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්. අපේ ජාතීන් අතර එකමුතුකම ඇති බව ජාත්‍යන්තරයට ප්‍රකාශ කළ හැක්කේ මේ තුළින්. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් දැනට අවුරුදු තිස් හතක් වෙනවා. මෙය ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නේ.

ප්‍රධාන පක්‍ෂ මෙම අවස්ථාවට එක් නොවූයේ ඔවුන්ගේ දේශපාලන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන්. ඡන්දයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙම කාර්යයට සම්බන්ධ වීමට ඔවුන් කැමති නැහැ. ඔවුන් හිතන්නේ මෙයට සම්බන්ධ වුවහොත් ඡන්ද නැති වෙයි කියලයි. පටු අරමුණු වෙනුවෙන් ජාතීන් අතර සහජීවනය අහිමි කළ නොහැකියි. එම නිසා මෙයට සැවොම සහාය දිය යුතුයි “

යනුවෙන් කියා සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...