තායිවානය සම්බන්යෙන් එක්සත් ජනපදය හා චීනය අතර ගැටුම් – විදේශ කටයුතු කමිටුවේ නව සභාපති මයිකල් මැකෝල්

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ නව සභාපති මයිකල් මැකෝල් ඉරිදා ෆොක්ස් නිවුස් වෙත ප්‍රකාශ කර තිබුණේ, තායිවානය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා චීනය අතර ආතතීන් 2025 පමණ වන විට උත්සන්න විය හැකි බවයි.

මැකෝල් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, චීනය විසින් තායිවානයේ ලේ වැගිරීමකින් තොරව සිය පාලනය යටතට ගැනීමට නොහැකි වුවහොත්, චීනය හමුදා ආක්‍රමණයකට යනු ඇති බවත්, එවැනි තත්වයක් ඇති වුවහොත් එක්සත් ජනපදය ඊට සූදානම් විය යුතු බවත්ය.

මැකෝල්ගේ ප්‍රකාශයන් පිළිබඳව අදහස් දැක්වීම ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, තායිවාන් සමුද්‍ර සන්ධිය අසල චීන ක්‍රියාකාරකම් උත්සන්න වීම පිළිබඳ පසුගියදා අදහස් දක්වන ලද එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර තිබුණේ, චීනය විසින් මේ වන විට තායිවානය ආක්‍රමණයට පෙර හුරුකම් පවත්වන බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිට FCID හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ශ්‍රී ලංකාවට යූරියා පොහොර රැගෙන එන නෞකාවක් හෝර්මුස්වල අතරමංවෙලා…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යූරියා...

අද (06) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 06) දිනයේදී බස්නාහිර, සබරගමුව,...