ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන මෙරට උච්චතම සම්මානය කරූට

Date:

මෙරටදී පිරිනැමෙන උච්චතම සම්මානය වන “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරූ ජයසූරිය මහතා වෙත පිරිනැමීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ, ඊයේ (30) පැවති කැබිනට් රැස්වීමේදී ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ඨ සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුරවැසියන්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමිවන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වසරේ සිටම පැවත එන සම්ප්‍රදායකි. ඒ අනුව මෙරටදී පිරිනැමෙන උච්චතම සම්මානය වන්නේ ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය යි.

දේශබන්දු කරූ ජයසූරිය මහතා විසින් සිදු කරන ලද සේවය ඇගයීම පිණිස ඒ මහතා වෙත ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය 2023 පෙබරවාරි 03 වන දින පිරිනැමීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබ ඇති පියවරයන් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...