කලාවට වාරණ පැනවූ අඳුරු යුගයකුත් අපේ රටේ තිබුණු බව අමතක කරන්න එපා – මහින්ද (VIDEO)

Date:

කලාකරුවන්ගේ අදහස් සීමා කරමින් කලාවට වාරණ පැනවූ අඳුරු යුගයක් මේ රටේ පැවති බව අමතක නොකළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

”සමාජ යතාර්ථය නිර්මාණශීලීව ජනතාව අතරට ගෙනියන්න කලාකරුවන් විශාල උත්සාහයක් දරණ බව අමුතුවෙන් කිවයුතු නැහැ. පසුගිය කාලෙ අපි දන්නවා කොවිඩ් වසංගතය නිසා මේ අය නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. අපි දන්නවා කොවිඩ් මාරයාට ගොදුරු වෙමින් අපේ රටේ කලාකරුවන් කිහිපදෙනෙකුගේම ජීවිත අහිමි වුණා. විවිධ සීමාවන්ට යටත් වෙන්න සිදුවුණු නිසා ඇතැම් කලාකරුවන්ට අවසන් ගෞරව දක්වන්න තිබුණු අවස්ථාව පවා අපට අහිමි වුණා. අපි ඔවුන්වත් මෙවැනි අවස්ථාවක ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

සෑම කලාකරුවෙක්ම රටට සම්පතක්. ඔවුන් දරණ මතවාද මුළු මහත් සමාජයම විනිවිද දකිනවා. මේ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අත්විඳින්න කලාකරුවන්ට අයිතියක් තියෙන්න ඕනෙ. මේ අයිතිය කලාකරුවන්ගෙන් උදුරාගත්ත අඳුරු අතීතයක් අපේ රටේ තිබුණු බව අමතක කරන්න එපා. අද එවැනි තත්වයක් නොමැති වුණත් ඒවා මුළුමනින්ම අමතක කරලා අපට අනාගතයට පියනඟන්න බැහැ.

එදා කලාවට වාරණ පනවලා, අදහස් සීමා කරලා, ඔබවත් පාලනය කරන්න කල්පනා කරපු යල් පැනගිය මතවාද කරළියට ගේන්න කිසිවෙකුට අවශ්‍ය නැති බව අපි දන්නවා. එදා පටන් අද වෙනතුරු අපි කවදාවත් කලාවට, කලාකරුවන්ට සීමා පනවන්න ගියෙ නැහැ. හෙටත් අපි ඒ ස්ථාවරයේමයි ඉන්නෙ”

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ කලාකරුවන්ට රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීම සඳහා ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි – අද (09) කාලගුණ වාර්තාව !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

විපක්ෂය සුළි කුණාටුව ගැන දැන දැනත් අපට අනතුරු හඟවලා නෑ. මේක සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...