අද දිනය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. සෙනසුරාදා දිනයේදී විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් දැනට නිෂ්පාදනය කරන විදුලි ඒකක ප්‍රමාණය එම ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසන්නේ.
සපුගස්කන්ද දැවිතෙල් බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු සඳහා දැවිතෙල් පවතින්නේ අද පස්වරු 02 දක්වා පමණි. ඒ අනුව අද පස්වරු 02 සිට එම බලාගාරයේ කටයුතු අක්‍රිය වනු ඇත.
කෙසේ නමුත් වෙනත් හේතු මත හදිසි විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බවත්, එවැනි බිඳවැටීම් සිදු නොවීමට විදුලිබල මණ්ඩලය සෑම උත්සාහයක්ම ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
UN