ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට පියවර

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර ඇති බවයි.

ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බව අමාත්‍යවරයා පවසයි.

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කර තිබුණු අතර එම කමිටු නිර්දේශ මත ව්‍යාපෘති කාර්යාල 32ක් අත්හිටුවීමට තීරණය කර ඇත. තවද ව්‍යාපෘති කාර්යාල 46ක් අවම සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යෑමටත් අදාළ කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ බවත් එහිදී අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මත තව දුරටත් මෙම කාර්යාල 55ම වසා දමන්නේ ද යන අවසන් තීරණය ඉදිරියේ දී ගැනීමටත් ජනාධිපතිරයා එකඟත්වය පළ කර ඇති අතර , ඒ අනුව කමිටු වාර්තාව පිළිබඳව ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට නියමිතය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති කාර්යාල හා ව්‍යාපෘති කළමනාකරණ ඒකක රැසක් පිහිටුවා ඇති අතර එම කාර්යාලවල උපෙදේශකයින් ඇතුළුව විශාල සේවක පිරිසක් ඉහළ වැටුප් තලයන්ට අනුව සේවයට බඳවා ගෙන ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...