චිචීගේ බල්ලාගෙ කරේ තියෙනවා පවුම් 90ක චේන් එකක්. හෝටලේට කෝටි 100 යි – වසන්ත (VIDEO)

Date:

මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂගේ බල්ලාගේ කරේ රන් පවුම් 90ක මාලයක් ඇති බව ජාතික ජන බලවේගයේ නායකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

“අපේ රටේ මේ හොරකම් කරලා තියෙන සමහර එවුන් ජීවත් වෙනවා උන් මැරෙන්නෑ කියලා හිතාගෙන. ඒ තරමට හොරකම් කරලා. මෙතන ඉන්න අයියලා අක්කලා නම් වැඩිපුර චේන් දාන්නෙ නෑනෙ නේද ? ගෙවල්වල නෝනලාගෙ කරේ තියෙනවාද චේන් එක ? ඔක්කොම බඩු බනිස් තමයි, බැංකුවෙ තියනවා ගාණට පරෙස්සමට නේද ? ඒ වුණාට අයියා, මහින්ද රාජපක්ෂගෙ පොඩි පුතාගෙ බල්ලාගෙ කරේ තියෙනවා පවුම් 90ක චේන් එකක්. බල්ලත් නම් කමක් නෑනෙ … පවුම් 90 යි ! කාගෙ සල්ලිද ? හොරකම් කරපුවා.

අර 9 වෙනිදා ඔය ගෙවල් ගිනිතියද්දී සිංහරාජෙ තිබිච්ච හෝටලයක් ගිනි අරන්. මාර වැඩේ කියන්නෙ අයිතිකාරයා නෑ. යකෝ ගිනිතියලාත් මාස ගාණක් යනකල් අයිතිකාරයා නෑ කියන්නකො. ඉතින් බැලුවා අයිතිකාරයා කොයි කියලා. පාර්ලිමේන්තුවේ අර වන්දි පනත සම්මත කරාට පස්සෙ මේං එනවා බඩු. කෝටි 100 යි ලු හෝටලේට. කවුද ? රොකට් යවපු මෑන් ඒත්. පොඩි පුතා. රොකට් රෝහිත ඕං බාපු තැන්. කොඩිය ගහලා චීනෙ රොකට් එක යවන්න ඩොලර් මිලියන 332ක් වියදම් කළා කිව්වා. අද චීනෙත් හොයනවා රොකට් එක ගිය තැන කොහෙද කියලා. ඔය සල්ලි. රටේ සල්ලි. අපි ගෙවනවා ණය කොඩිය ගහපු එකේ, ඌ හැදුවා හෝටලේ සිංහරාජෙ. කෝටි 100 යි. බැන්දාට පස්සෙ ගෙයක් ගත්තා කෝට්ටේ දූව පාරේ, කෝටි 36 යි. එහා පැත්තෙ ඉඩම ගත්තා කෝටි 9යි, කෝටි 45යි, ඉඩම් තුනයි”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...