සරණ ගුණවර්ධනට ඇප

Date:

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (07) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබූ අතර කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේ, සැකකරු රුපියල් 50,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවට පෙනී සිටින ලෙස දන්වා අධිකරණය විසින් නිකුත් කළ නොතීසි නියෝග අනුව ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහුට විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසට ද නියෝග කර ඇත.

එමෙන්ම ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තාවක් කැඳවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර මෙම නඩුව පවරා ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සරණ ගුණවර්ධන මහතා එම මණ්ඩලයට අවශ්‍ය වාහන කුලී පදනම මත ලබා ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීමට අදාළවයි . නැවත එම නඩුව මැයි 4 වෙනි දින කැඳවනු ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...

රනිල් ගැන ජාත්‍යන්තර ස්ථාවරය මෙන්න!

කොළඹ LNW: කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක්...

බදු සහන අපේක්ෂාවෙන් විපක්ෂ නායක හා ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලයක් අතර හමුවක්!

කොළඹ LNW:තවදුරටත් බදු සහන ලබා ගැනීමේ අරමුණින් විපක්ෂ නායක...

ඇමරිකාවෙන් ඉන්දියාවට පැනවූ බදු ප්‍රහාරයේ අහිතකර පැතිකඩ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: රුසියාවෙන් තෙල්...