අපි තීරණ ගත්තට නිළධාරීන් හරියට වැඩ කළේ නෑ – හරිත ගොවිතැන අසාර්ථක උනේ ඒ නිසා

Date:

හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල ආරම්භ කළ පළමු කන්නයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර නිසිපරිදි බෙදාහැරීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර කාබනික පොහොර ප්‍රචලිත කිරීමට තීරණය කළ නමුත් නිළධාරීන්ගේ අඩුපාඩු හා අතපසුවීම් නිසා ඒ පිළිබඳව නිසි පරිදි ගොවීන් දැනුවත් කිරීමට නොහැකි වූ බවයි ඇමතිවරයා පවසන්නේ.

මහ කන්නයේදී ඇති වූ අඩුපාඩු පිළිබඳව නිවැරදිව තේරුම් ගෙන ඉදිරි යල කන්නයේදී පොහොර බෙදීමේ කටයුතු නිසි පරිදි සිදු කරන බවයි මහනුවරදී මාධ්‍ය අමතමින් මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ. ජනතාව අපහසුතාවයට පත් නොකර කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට අදාල තීන්දු ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද ඔහු පවසනවා.

මහ කන්නයේ වී ගොවිතැන සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන තරම් ගැටලුවක් නොමැති බවද ඇමතිවරයා පෙන්වා දෙයි. වෙනදාට වඩා මෙවර බොල් අස්වැන්න අවම වන බවත්, ඒ අනුව වගා කරන බිම් ප්‍රමාණය අඩු වුවද ලැබෙන අස්වැන්න වැඩිවන බවත් මේ නිසා ගොවීන්ට අස්වැන්න සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් අළුත්ගමගේ මහතා සඳහන් කරයි.

දිස්ත්‍රික්ක කිහිපයක මතුව ඇති ගැටලු පිළිබඳව අධ්‍යයනය කළ බවත් ඒ අනුව සමස්තයක් ලෙස 20% ක පමණ අස්වැන්න අඩුවීමක් දක්නට ලැබෙන බවත් ඇමතිවරයා පවසනවා. මේ පිළිබඳව ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බවත්, වී ගොවීන්ට ලබාදෙන මිල සම්බන්ධයෙන් සහ වගා හානි සඳහා ලබාදෙන වන්දි සම්බන්ධයෙන් එහිදී තීරණය කරන බවයි ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...