හැව්ලොක්ස් බිමට වැටීම ගැන චෝදනා උඩට

Date:

මෙවර තරගාවලියේ හොඳ ආරම්භයක් ලබා ගෙන සිටි හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වෙතින් එම දක්ෂතා සහිත ස්වභාවය මේ වන විට ගිලිහී යමින් ඇති බව දැක ගන්නට ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැමෙක් ඊට හේතුව ක්‍රීඩකයන්ටම නොපැවරිය යුතු බවත් පවසමින් ක්‍රීඩා සමාජ පරිපාලනය දෙසටත් ඇඟිල්ල දිගු කරනවා.
එයාල එක එක්කෙනා එක්ක වෙන වෙන ඩීල්,ඒවට අවශ්‍යය අයව ගෙනත් දා ගන්න හදනවා ඕනි ඕනි විදිහට.කොල්ලො මත්තෙ වැටිලා ඉදලා උන්ව නග්ගන එක තමයි කරන්න ඕනි.නැත්නම් ලොක්කොත් ඉවරයි,ක්ලබ් එකත් ඉවරයි,අපේ ආශාවයි ආදරයයි ත් ඉවරයි”.



හැව්ලොක්ස් ආධාරකරුවෙක් එසේ පවසමින් සීආර් තරගය අතර හැව්ලොක්ස් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් කණිෂ්ඨ ක්‍රීඩකයෙක්ට කළ යම් පහරදිමේ අවස්ථාවක් උදාහරණයට ගනිමින් පෙන්වා දුන්නේ උඩ “එකාට – එකා නැති වුණාම” යටට වෙන දේ තමයි ඒ යනුවෙන්ය. අදාළ නිවැරදි දත්ත අප අතර නොවුණත්,ආධාරකරුවා පවසන අකාරයට හැව්ලොක්ස් ක්‍රීඩා සංමාජය මෙවර නිපොන් ජාතික රගර් ලීග් සූරතාවය ආරම්භ කරන විට සිටි තත්ත්වයෙන් යම පසුබැසීමක් පෙන්වන බව සත්‍යයකි. විශේෂයෙන්ම ඓතිහාසික පදනමක් ඇති ක්‍රීඩා සමාජ දෙකක් වන හැව්ලොක්ස් සහ සීආර් කණ්ඩායම් අතර තරග වෙනුවෙන් වාර්ෂිකව පිරිනැමෙන කොමාණ්ඩර් මතියස් කුසලානය මෙවර සීආර් ක්‍රීඩකයින් හිමි කර ගැනීම ද හැව්ලොක්ස් ආධාරකරුවන් දැඩි පෙළිමකට ලක් කරන්නට හේතුවක් වන්නට ඇත.



කෙසේ හෝ මේ වන විට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය තරග 8 න් 4 ක් පරාජය වී ඇත යන්න සත්‍යයකි.ඔවුන් ඉකුත් සතියේ ලැබූ සීආර් පරාජය සමඟ, මේ සතියේදී සූරතාවය සඳහා වන කාණ්ඩයේ තරගයකදී 12 වන ඉරු දින ඔවුන් නිත්තවෙලදී මහනුවර ක්‍රීඩා සමාජයට මුහුණ දීමට සූදානමින් සිටියි.මහනුවර සූරතා කාණ්ඩයේ තරගයක් සඳහා ඉකුත් සතියේදී ගැටුණේ නාවික හමුදා කණ්ඩායම සමඟයි.එහිදි මහනුවර නාවික හමුදා කණ්ඩායම පරාජයට පත් කරේ ලකුණු 37 – 28 ක් ලෙස ය.

සූරතා කාණ්ඩයේ සීආර් ඇන්ඩ් එෆ්සී සහ නාවික හමුදාව අතර තරගය පැවත්වෙන්නේ පෙබරවාරි 11 වන දා ය.එදින කණ්ඩායම් දෙක කොළඹ තුරඟ තරග පිටියේදී හමුවීමට නියමිතව ඇත.ඉකුත් සතියේ තරග පිටියෙන් පිටතට ද උණුසුම ගලන ආකාරය නාවික පිටියේදීත් දකින්නට ලැබුණ අතර එහිදී නාවික හමුදා ආධාරකරුවෙක්ගේ ප්‍රහාරයකට තරග කොමසාරිස්වරයා ලක් වූයේ වැලිසර නාවික පිටියේදීමය.මේ තත්ත්වය නිසා මේ වන විට වැලිසර පිටියේ පැවත්වීමට යෝජිත තරඟ මධ්‍යස්ථ සහ ස්වාධින පිටියකට ගෙන ඒමට ද තීරණය කර ඇත.



පළඟ සූරතාවය සදහ වන තරග දෙකක් අද පැවත්වෙන අතර අද පස්වරු කොළඹ තුරඟ තරග පිටියේදී සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ ගුවන් හමුදා තරගය පැවත්වීමට නියමිතය.එම වේලාවටම පොලීසිය සහ යුද හමුදාව අතර තරගය ආරම්භ වෙන්නේ කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ පිටියේදී ය.
මේ සමඟ දැනට සූරතාවය සහ පළඟ සූරතාවය සඳහා වන තරගවල කණ්ඩායම් ලබා සිටින ලකුණු සටහන ද දැක්වෙන අතර ඉකුත් සතියේ පැවති තරග ඡායාරූප කිහිපයක්ද මේ සමඟ ඇත.



නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය