චමරිගේ කණ්ඩායම නරක ඉතිහාසයක් වෙනස් කිරීමේ අදිටනින් අද දකුණු අප්‍රිකාව හමු වෙයි

Date:

අද කාන්තා ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය අරඹමින් සත්කාරක දකුණු අප්‍රිකාව තරඟ වදින්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.දෙරට අතර කාන්තා ක්‍රිකට් 20/20 ඉතිහාසය ගත් විට ආසන්නම හමුවීම්වල දී සිඳු වී ඇත්තේ දකුණු අප්‍රිකාව ජය ගැනීමය.විශේෂයෙන් දකුණු අප්‍රිකානු පන්දු යැවීමේ බල ඇණියේ වික්‍රමයන් හමුවේ 2022 දි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම,දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉදිරියේ ලකුණු 46 ට දැවී ගොස් ඇත.ආසන්නම හමුවේ ප්‍රතිපලය එබඳුය.

කණ්ඩායම් දෙක 2019 දී හමු වූ අවස්ථාවක ශ්‍රී ලංකා පිතිකාරිණියන් ලකුණු 105 ක් පමණක් ලැබුවත් ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 108 ක් ලබා ගැනීමට කඩුලු 8 ක් කැප කරන්නට වීම දකුණු අප්‍රිකාවට තර්ජනයක් විය හැකි බව,ශ්‍රී ලංකාව පෙන් වූ හොඳම අවස්ථාවක්ය.එහිදි ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම ක්‍රීඩිකාවක් වූ ශෂිකලා සිරිවර්ධන කැපි පෙණුන දස්කම් දැක් වූ අතර දකුණු අප්‍රිකාවේ පිති බැඳ තබා ගනිමින් පන්දු යැවූ ඇය ලකුණු 12 ට කඩුලු දෙකක් ලැබුවාය.ඇය මෙන්ම ඉනෝකා රණවීර ද ලකුණු 15 ට කඩුලු දෙකක් දවා ගත්තාය.සුදුසුම තැන තොරාගෙන පන්දු ඕවර් කිහිපයක් චමරි අතපත්තු ද යැවිය යුතු බව LNW යෝජනාව වන අතර 2019 පෙබරවාරි 3 වන දින එම තරගය පවත්වා ඇත්තේ ද දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර දී ය.

අප ඉතාමති සුබදායිව මෙවර ලෝක කුසලානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දෙස බලා සිටින අතර,තරගාවලියට සහභාගිවන සංචිතයෙන්,ක්‍රීඩා කරන කණ්ඩායම් සංයුතිය මදකින් වෙනස් කර සහ පිතිකරු නාමාවලියේ අංක පිළිවෙල වෙනස් කරමින් වුව ද විශාල වෙනස්කමක් කර ගන්නට ඉඩ ඇති බව අපි විශ්වාස කරමු.පන්දුවට පහර දීමට හැකි පන්දු යවන්නන් ගැන සිතා කණ්ඩායම තේරීමේදි කටයුතු කරමින් පිතිකරණයට ශක්තියක් දීම වැදගත් වන අතර ඒ හරහා ශ්‍රී ලංකාවට ලකුණු එකතු කරන්නට ද,හඹා යන්නට ද හොඳ අවස්ථාවක් එකතු වනු ඇත.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...