*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

නැව් ආවත් බාගන්න විදිහක් නැහැ – ගල් අඟුරු අර්බුදයේ සුල මුල මෙන්න (VIDEO)

මේ මාසයේදී පැමිණිය යුතු ගල් අඟුරු නැව් වලින් 3ක් පුත්තලම් ජැටිය වෙත පැමිණ අවසන් වී ඇතත් එම ගල් අඟුරු ගොඩ බෑමේ අර්බුදයක් මතුව ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.

මේ සතිය තුළ නෞකා 3ක් සඳහා රු. බිලියන 15.7ක මුදලක් ගෙවීමට තිබෙන අතර මෙම මස පැමිණිය යුතු නැව් වලින් 11ක් මේ වන විට පැමිණ අවසන් බවත් 12,13 සහ 14 යන නෞකා ද මේ වන විට පුත්තලම් ජැටිය වෙත පැමිණ ඇති අතර 12 වෙනි නැවේ ගල් අඟුරු ගොඩ බෑමේ කටයුතු සිදුවුවද ඒ සඳහා තවත් රු. මිලියන 700ක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව නෞකා තුනේ ගල් අඟුරු ගොඩ බෑම සංධ අවශ්‍ය රු. බිලියන 15.7න් ගෙවා ඇත්තේ රු. බිලියන 3.2ක වැනි මුදලක් බවත් මෙම නැව් වලින් ගල් අඟුරු බා ගැනීම සඳහා ඉතිරි මුදල් සපයා ගත යුතුව ඇති බව ඔහු කියා සිටියි.

මේ වන විට පවතින ව්‍යාකූල තත්ත්වය සමඟ මෙම නැව් වලට සිදුකළ යුතු ගෙවීම් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව තිබෙන බවයි සුමනසේකර මහතා පෙන්වාදෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan