මෙතෙක් කල් ගත් තීරණ වැරැදියි කියලා ජනපති කිව්වාට වැරැදි තීරණ අරන් තියෙන්නේ ඔහු නියෝජනය කළ පක්‍ෂයි – චරිත

Date:

මෙතෙක් කල් ගත් තීරණ වැරැදි බව ජනාධිපතිවරයා පවසන මුත් මෙම වැරදි තීරණ ගෙන තිබෙන්නේ ඔහු නියෝජනය කළ පක්ෂ බවත්, මෙම රඟපෑම නිසා තරුණ සමාජය ආණ්ඩුව දෙස විසිලුවෙන් බලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

“අද ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම ෆැෂන් එකක් වෙලා. එදා හැමදේටම කොමිෂන් දානවා වගේ අද ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනවා ,මේ ප්‍රතිපත්ති මාලාවෙන් කියන්නේ හිටපු ආණ්ඩු කළ ආර්ථික, දේශපාලන වැඩ සම්පූර්ණයෙන් වැරැදි ලෙස කළා කියල. මේ ප්‍රතිපත්තිය හොඳයි නම් වැරැදි ඒවා මොනවාද? මේක හරිනම් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කරපුවා වැරැදියි කියලයි කියන්නේ. අද ආණ්ඩුව ඒක පිළිගන්නවා. මෙතෙක් කල් ගත් තීරණ වැරැදියි කියලා ජනපති කියනවා. මේ වැරැදි තීරණ අරන් තියෙන්නේ ඔහු නියෝජනය කළ පක්‍ෂයි. මේ රඟපෑම නිසයි තරුණ සමාජය හිනා වෙන්නේ.

අවුරුදු 75න් 40ක්ම රට පාලනය කළ පක්‍ෂ නායකයා කියනවා මෙතෙක් ගත්ත තීරණ වැරැදියි කියලා. ජනවර්ග අතර විරහිතය නැති කරනතාක් අපිට දියුණු විය නොහැකියි. ඉන්දියාව හොඳම උදාහරණයයි”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...