මහින්ද මහත්තයාට හොරා කියපු හැමෝටම ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබුණා – සාගර

මහින්ද රාජපක්ෂ මහතාට හොරා යැයි කී සියලුම දෙනාට ස්වභාව ධර්මය විසින් දඬුවම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“මහින්ද මහත්තයාට හොරා කියපු හැමෝටම මේ වනවිට ස්වභාව ධර්මය විසින් දඬුවම් දීලා තියෙනවා. හැබැයි තාම ස්වභාව ධර්මයට දඬුවම් කරන්න බැරිවෙච්ච එක හාදයෙක් ඉන්නවා. එයා තමයි අර කට උල් කරලා අත මෙහෙම කරලා හොරා කියපු මනුස්සයා. එන්න එයාට හෙට අනිද්දා ඡන්දෙන් පස්සෙ ස්වභාව ධර්මයේ දඬුවම ලැබෙනවා. ඒක නිසා බයවෙන්න එපා. මහින්ද රාජපක්ෂ කියන්නෙ අනුහස් ඇති නායකයෙක්. එතුමාගේ පක්ෂයේ ආඩම්බරකාර සාමාජිකයින් අපි”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති එම පක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...