මහින්ද මහත්තයාට හොරා කියපු හැමෝටම ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබුණා – සාගර

Date:

මහින්ද රාජපක්ෂ මහතාට හොරා යැයි කී සියලුම දෙනාට ස්වභාව ධර්මය විසින් දඬුවම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“මහින්ද මහත්තයාට හොරා කියපු හැමෝටම මේ වනවිට ස්වභාව ධර්මය විසින් දඬුවම් දීලා තියෙනවා. හැබැයි තාම ස්වභාව ධර්මයට දඬුවම් කරන්න බැරිවෙච්ච එක හාදයෙක් ඉන්නවා. එයා තමයි අර කට උල් කරලා අත මෙහෙම කරලා හොරා කියපු මනුස්සයා. එන්න එයාට හෙට අනිද්දා ඡන්දෙන් පස්සෙ ස්වභාව ධර්මයේ දඬුවම ලැබෙනවා. ඒක නිසා බයවෙන්න එපා. මහින්ද රාජපක්ෂ කියන්නෙ අනුහස් ඇති නායකයෙක්. එතුමාගේ පක්ෂයේ ආඩම්බරකාර සාමාජිකයින් අපි”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති එම පක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...