අනතුර ගැන කියද්දී නොසලකා හැරියේ ඇයි? – GMOA රජයෙන් ප්‍රශ්න කරයි (VIDEO)

Date:

දිනපතා සිදුකෙරෙන ශල්‍ය කර්ම ප්‍රමාණයක් ප්‍රමාද කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ මේ වන විට තීරණය කර තිබෙන අතර එය නිල වශයෙන් ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇති නමුත් මේ අනතුර ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පුරෝකථනය කර සෞඛ්‍ය බලධාරීන්ව දැනුවත් කළද ඒවා නෑසූ කණින් සිට අවසානයේ එම අනතුර වෙත ගමන් කළ බලධාරීන්ට ජනතාව සම්බන්ධයෙන් ඇති වගකීම මෙයද යන්න ප්‍රශ්න කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ ශල්‍ය කර්ම අඛණ්ඩව සිදුකිරීම ප්‍රශ්න සහගත තත්ත්වයකට පත්ව ඇතිවා සේම දෛනිකව ඖෂධ වර්ග 140ක පමණ හිඟයක්ද තවදුරටත් පවතින බවයි.

එමෙන්ම ඖෂධ මිල ඉහළ යාම ගැනද සාධනීය ප්‍රතිචාරයක් රජයෙන් නොමැති බව ඔහු පෙන්වාදෙයි.

මෙවැනි තත්ත්වයක ශල්‍ය කාර්ම ප්‍රමාද කිරීම බරපතල තත්ත්වයක් බවත් මෙම තීරණය ගෙන ඇත්තේ කොපමණ කාලයකට යන්න පිළිබඳවද ප්‍රශ්න කරන බවයි අලුත්ගේ මහතා කියාසිටින්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම තීරණය මාධ්‍ය වෙත දැනුම් දී තිබුණද රෝහල් අධ්‍යක්ෂවරු වෙත මෙතෙක් දැන්ව නොමැති බවද හෙතෙම පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...

ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග...

‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : කෘෂිකාර්මික හා ගොවිජන...