සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අද රටේ දැනටමත් මන්දපෝෂණයෙන් පෙළෙන වයස පහට අඩු දරුවන් 10,000කගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ ආයතන සහ පුද්ගලයන් කැපකරු මවුපියන් ලෙස ඉදිරිපත්ව සිටින බවයි.
තමා පෞද්ගලිකවමද මේ පිළිබඳ සොයා බලන අතර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් තවත් 11,000කට කැපකරු මවුපියන් සොයා දීම සඳහා තමා විසින්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ජෝන් කීල්ස් ආයතනය දරුවන් 3000කට
දායකත්වය දක්වන බව ද, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කැපකරු මවුපියන් ලෙස කටයුතු කිරීමට දිවයිනේ නමගිය සමාගම් ගණනාවක් ඉදිරිපත් ව ඇති බවයි.
මෙයට අමතරව ශැංග්‍රීලා ආයතනය දරුවන් 1000 කට අනුග්‍රහය දක්වන බවත්, මේ සඳහා ඉදිරිපත් වූ සියළුම සමාගම් සහ පුද්ගලයන්ට තමා ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා පැවසීය. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින පවුල්වලට මාසයකට 14,000/= මුදලක් මෙම වැඩපිළිවෙල යටතේ පිරිනැමෙන බවද අමාත්‍යවරයා පැවසූ අතර විදේශයන්හි සිටින ධනපතියන්ටද මේ වැඩපිළිවෙළ සඳහා දායකත්වය දැක්විය හැකි බව පැවසීය.
රෂිකා හෙන්නායක