*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

රගර් ලෝක කුසලානය ප්‍රදර්ශනය බොරු රගර් සංගමයකට…

මේ දිනවල රග්ර් ලෝක කුසළානය ප්‍රදර්ශනය කිරිමට ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය කේෂ්ත්‍රයේ ප්‍රකට ආයතනයක අනුග්‍රහයෙන් ජාතික ක්‍රීඩා සභාව කටයුතු කරන බවට ප්‍රවෘත්ති පළ වෙමින් ඇත.මේ සමඟ ඇත්තේ ඒ ප්‍රවෘත්ති හරහා මෙහි සංවිධායකයින් ලෙස කටයුතු කරන පුද්ගලයෙක්ට දුරකතන ඇමතුමක් ගත් විට ලැබෙන පිළිතුරකි.

ඔහු එම පිළිතුරෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මෙම ඉසව්ව සංවිධානය කරන බව එහි සභාපති හැටියට කටයුතු කරන්නේ මෙවර රග්බි නිලවරණයට ඉදිරිපත් වීම සඳහා උත්සාහ කළත්,නාම යෝජනා සඳහා ක්‍රීඩා සමාජ දෙකක අනුමැතිය ගැනීමට නොහැකි වූ ජාතික ක්‍රීඩා සභාවට සම්බන්ධ සාමාජිකයෙක්ය.ඒ දුරකතන ඇමතුම්වලට අනුව විශාල සැකයක් ඇති වන අතර මේ සදහා අනුග්‍රහය දක්වන මාස්ටර් කාඩ් ආයතනයට මෙන්ම මෙම කුසලානය නැරඹීම සඳහා පාසල් සිසුන් කැඳවීමට ද මේ ආකාරයට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇද්ද යන සැකයට භාජනය වන බව ශ්‍රී ලංකා රගර් පෙන්වා දෙයි.

මේ වන විට ජාත්‍යන්තර රග්බි සම්මේලනය ශ්‍රී ලංකා රගර් සම්මේලනයෙන් බැහැර පිරිසක් මෙම රගර් කුසලානය රැඟෙන එම් ගැන නොදන්නා බව පවසා ඇත.ජාතික ඔලිම්පික් කමිටුවට ද මේ වන විට මේ තත්ත්වය ගැන දැනගෙන ඇති අතර ඔලිම්පික් ක්‍රීඩාවක් වන බැවින් මේ තත්ත්වය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ද ඉදිරිපත් කර ඇත.

පළවන ප්‍රවෘත්ති අනුව මෙම අවස්ථාව ජාතික ක්‍රීඩා සභාව කරනු ලබන බවත්,එයට එම සභාවේ ප්‍රධානින් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයා ද ආශිර්වාද කරන බවක් දැක්වෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා රගර්,මේ වන විට ජාත්‍යන්තර මට්ටමෙන් පාපන්දු ක්‍රීඩාව තහනම්ව ඇති බවත්,ඇතැම් ක්‍රියා කළාප සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශය රටේ ක්‍රීඩාව දේශපාලනීකරණය කර ඇති බවත් ජාත්‍යන්තර ක්‍රීඩාවේ අදහස වී ඇති මොහොතක මෙවැනි ආකාරයට ජාතික සංගම් නොතකා වෙනත් පුද්ගලයන්ට ජාත්‍යන්තර වශයෙන් විවිධ ක්‍රීඩා සම්බන්ධයෙන් හැසිරෙන්නට අනුබල දීමට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශය තව දුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රතික්ෂේප විය හැකි තත්ත්වයක් බව පෙන්වා දෙයි.

ජාතික ක්‍රීඩා සභාව කටයුතු කළ යුත්තේ අමාත්‍යවරයාට යම් යම් තාක්ෂණික සහ ක්‍රීඩාවේ සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් උපදෙස් දීමට වුවත්,මේ වන විට ඔවුන් මෙවැනි ඉසව් සංවිධානයට පිරිස් නොමඟ යවමින් ඉදිරිපත් වීම ක්‍රිඩා අමාත්‍යවරයා සහ ඔහුගේ පාලනයේ ඇති අමාත්‍යංශය තව දුරටත් ජාත්‍යන්තර වශයෙන් පිරහීම සඳහා ගන්නා ක්‍රියා මාර්ගයකි.ඉදිරියේ දී තරගකාරී අනුග්‍රාහක ආයතනයක් විදිහට ජාත්‍යන්තර මට්ටමේ කටයුතු කරන මාස්ටර් කාඩ් වැනි ආයතනයක් යම් ආකාරයකට සාවද්‍ය තොරතුරු මත පොළඹවා ගෙන ඇත්නම් එය ජාත්‍යන්තර ක්‍රීඩාවන් සම්බන්ධයෙන් අනුග්‍රහයන් දිනා ගැනීමේදි යම් නරක තත්ත්වයක් නිර්මාණය කරනු ඇත.
නරකම තත්ත්වය සිසු – සිසුවියන් පිටතට රැඟෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ පියවර ගනිමින් සිටින මොහොතක ජාත්‍යන්තර සංගමයක දේශිය නියෝජිතත්වය නොදන්නා සංවිධාන කටයුත්තකට සිසුන් යෙදවීමට අවසර ලබා දීමය.බොහෝ විට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශය අභිබවා ගොස් මේ අවසරය ලබාගෙන ඇද්ද යන්න ද ගැටළුකාරි වන අතර නැතිනම් එම අංශයේ යම් අයෙක් ක්‍රීඩා අංශය නොමඟ යවා අධ්‍යාපන අමාත්‍යංශයට මේ සඳහා පොළඹවා ඇද්ද යන්නත් සෙවිය යුතුය.

පාසල් රග්බි සංගමයේ ද රටේ මව් සංගමය වන්නේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය වන අතර ඔවුන් කිසිවෙක් හෝ මේ සඳහා සම්බන්ධ වී ව්‍යාජ තොරතුරු ක්‍රීඩා අමාත්‍යංශයට හෝ දරුවන්ට හෝ දෙමව්පියන්ට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ රග්බි පරිපාලනය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර සිසු දරුවන් පාසල්වලින් පිටතට ගැනීමට කටයුතු කර ඇත්නම් එයත්,රැකියාවට පවා බලපෑම් එල්ල විය හැකි, නීතිමය වශයෙන් වරදකි.
ශ්‍රී ලංකා රග්බි පෙන්වා දෙන්නේ මෙම ලෝක කුසලානය රැඟෙන ඒම සඳහා පිරිසක් රග්බි සංගමය සේ ව්‍යාජව සමාජය ඉදිරියේ පෙනී සිටිමින් ක්‍රියා කිරීම සමබන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශිය වශයෙන් ද සිය පරිපාලනයට සහ එහි වගකීම් දරන්නන්ගේ කීර්ති නාමයට කර ඇති හානිය ගැන කටයුතු කරමින් සිටින බවය.ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්ප්‍රදායන් සහ ආචාර ධර්ම බිඳ දමමින් කටයුතු කරන්නන් සාමාන්‍යයෙන් ක්‍රීඩාවේ උපදේශක තනතුරකට සුදුසු නොවන නමුත් මෙහිදි තනතුරු පිරිනැමීමෙන් නොනැවතී එම සම්ප්‍රදායන් සහ ආචාර ධර්ම නොසළකා කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ව සිටින බව පෙනීම රටේ ක්‍රීඩාවේ ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව නීත්‍යානුකූල රග්බි සම්මේලනයේ අදහසය.

අප වෙත ලැබුණු දුරකතන පටිගත කිරිමට අදාළ දුරකතන අංකය වන ඩිලංජන් පෙරේරා යන අයගේ අංක 0774958935 දුරකතන අංකයට අප ඇමතුම් ලබා ගත්ත ද එයින් පිළිතුරක් ලැබුණේ නැත.ඔහුට හෝ වෙනත් ජාතික ක්‍රීඩා සභාවේ අයෙකුට වුව ක්‍රීඩාවක ලෝක කුසලානයක් එම ක්‍රීඩාවේ ජාත්‍යන්තරය නියෝජනය කරන සංගමයේ දේශිය නියෝජිත සංගමයට භාහිරව ගෙන ඒමට බලය හිමිවීමට බලපාන හේතු දක්වා අපට තොරතුරු ඉදිරිපත් කළ හැකිය.එසේ ගෙන ඒමට සහ එරට රගර් පරිපාලනය ලෙස ප්‍රකාශ කිරීමට ජාතික ක්‍රීඩා සභාවට කුමන ක්‍රීඩා පණතේ කුමන හෝ වගන්තියක් යටතේ අවසර ඇද්ද යන්න ද පැවසිය යුතුය.එසේම ක්‍රීඩා අමාත්‍යංශයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් පත් දීම සඳහා පත් කරන ජාතික ක්‍රීඩා සභාවට,කුමන හෝ සංගමයක් වෙනුවට ජාත්‍යන්තර වශයෙන් පෙනී සිට ඊට මැදිහත්වීමේ බලයකට ආශිර්වාද කරන්නට ක්‍රීඩා පණතෙන් හෝ ජාත්‍යන්තර ක්‍රිඩා නීතියෙන් අවසර ලැබෙන ආකාරය සම්බන්ධයෙන් ද අප වෙබ් අඩවිය හරහා තොරතුරු ඉදිරිපත් කිරිමට අවසථාව ඇති අතර එහිදි ක්‍රීඩා පණතෙන් ජාතික ක්‍රීඩා සභාවට මෙවැනි ඉසව්වල බලය ක්‍රීඩා සංගම් අභිබවා ලබාගත හැක්කේ කුමන වගන්ති ප්‍රකාරව ද යන්නත් දැණුම් දෙන්නේනම් මැනවි.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan