පාස්පෝට් කන්තෝරුවෙන් ජනතාවට නිවේදනයක්

Date:

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයෙක් හේතුවෙන් ඊයේ (13) දිනයට නිකුත් කිරීමට නියමිතව තිබුණු විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වී තිබේ.

ඒ අනුව, ඊයේ දිනයේදී විදෙස් ගමන් බලපත් ලබාගැනීමට නියමිතව සිටි සියලු දෙනාට අද (14) දිනයේ මධ්‍යහ්න 12න් පසු පැමිණ ඒවා ලබාගන්නා ලෙසයි ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ. එසේ අද දිනයේ පැමිණිය නොහැකි අයකු වේ නම් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත් නිවසටම යැවීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

එසේම අද (14) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාව වෙන්කරගෙන සිටින අයට අද දිනයේ ඒ සඳහා නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බව පැවසූ ආගමන විගමන පාලකවරයා 14 වනදා වෙන්කරගත් අයට 15 වනදාත් 15 වනදා වෙන්කරගත් අයට 16 වනදාත් වශයෙන් දිනක් පමා වී පැමිණෙන ලෙසත් සිකුරාදා දිනයේ වේලාව වෙන්කරගත් අයට සෙනසුරාදා දිනයේදී පැමිණෙන ලෙසත් ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...