බලංගොඩට සහ රක්වානට නව අලි වැටක් – ඇමතිනී පවිත්‍රා

Date:

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රක්වාන මැතිවරණ කොට්ඨාසයේ දීර්ඝ කාලීනව පවතින ගැටලුවක් වන අලි තර්ජනයට විසඳුමක් ලෙස කිලෝ මීටර් 54ක් පමණ දිගින් යුතු අලි වැටක් ඉදිකිරිමට කටයුතු කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පවසා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අලි නිසා ජනතාවගේ ජිවිත හානි හා වගා හානි පිළිබඳව පැවති සාකච්ඡාවකට එක් වෙමින් අනතුරුවයි.

මෙම අලිවැට මෙම මැතිවරණ කොට්ධාස දෙක හරහා ඉදි කිරිමට නියමිතයි. රක්වාන මැතිවරණ කොට්ඨාසයේ පැවති අලි වැටට අමතරව තව කිලෝ මීටර් 08 ක අලි වැටක් ද ඉදි කිරිමට නියමිතයි.

මාස 03ක් වැනි අඩු කාලයකින් මෙම වැට ඉදිකර අවසන් කිරිමට නිලධාරින්ට උපදෙස් දුන් බව අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...