බොරැල්ලේ කාන්තා මරණය : යුධ හමුදා සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට

Date:

බොරැල්ල ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි වැදී මියයාමේ සිද්ධියට අදාළව යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (13) රාත්‍රියේදී බොරැල්ල, බේස්ලයින් මාවත, හල්ගහකුඹුර ප්‍රදේශයේදී යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවකු තම භාරයට ගැනීමට යාමේදී ගිනිඅවියක් ක්‍රියාත්මක හේතුවෙන් එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි කාන්තාවකට වෙඩි වැදී තිබිණි.

වෙඩි වැදීමෙන් තුවාලලත් කාන්තාව එම ස්ථානයේ සිටි පිරිස විසින් රෝහල්ගත කර තිබුණු අතර එහිදී ඇය මියගොස් තිබිණි.

ඒ අනුව අදාළ යුධ හමුදා සෙබළුන් දෙදෙනා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...