*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/14

  1. 2022/2023 මහ කන්නයේදී රජය සියයට 14 ක තෙතමනය සහිත නාඩු වී කිලෝග්‍රෑමයක් රු. 100ට මිලදී ගෑනිමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි – සියයට 14 – 22 තෙතමනයන් සහිත නාඩු වී කිලෝග්‍රෑමයක් රු. 88 ට මිලදී ගැනීමට නියමිතයි – එක් පවුලකට කිලෝ 10 බැගින් පවුල් මිලියන 3.9 කට එළඹෙන මාර්තු සහ අප්‍රේල් මාසවල සහල් නොමිලේ ලබා දීමට රජය කටයුතු කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සැලසුම් කර තිබෙන්නේ ගොවීන්ට උපරිම ප්‍රතිලාභයක් ලබා දෙන ආකාරයට බව ද පවසයි.
  2. 2022 සිට විශ්‍රාමික රජයේ නිලධාරීන් 18,000 කට අධික පිරිසකට මිලදී ගැනීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ, වී සහ ගෙවීමට ඇති හිඟ පාරිතෝෂික මුදල් සඳහා අරමුදල් නිදහස් කිරීමට රජය සැරසෙයි.
  3. පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා සඳහා ගෙවීමට ඇති මුදල් පියවන්නේ නැතිනම් ඒවා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලය දැනුම් දුන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
  4. ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ප්‍රථම ශ්‍රී ලංකාව කිසිවිටක ණය පැහැර හරින බවට නිවේදනය නොකළ යුතුව තිබූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි පවසයි – කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් ද තොරව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ශ්‍රී ලංකාව තම ස්වෛරී ණය පැහැර හරින බවට නිවේදනය කළේ ඉකුත් 2022 අප්‍රේල් 12 වන දින ය – ඒ ඔවුන් දෙදෙනා ධුරයේ වැඩභාරගෙන දින 05ක් ඇතුළත වීම ද විශේෂත්වයකි.
  5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා මේ වන විට සති 48 ක් ගතව ඇති මුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් කිසිඳු ද්වීපාර්ශ්වික ණය දෙන්නෙකුගෙන් එකඳු ඩොලරයක් හෝ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලධාරීන් සමත්ව නැති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි – තමා මහ බැංකු අධිපතිධුරය හෙබවූ සති 28 ක පමණ කෙටි කාලසීමාව තුළ ද්වීපාර්ශ්වික ණය ලබා දෙන්නන්ගෙන් ඇ.ඩො. බිලියන 04 කට ආසන්න මුදලක් ලබා ගැනීමට කටයුතු කළ බව ද පවසයි.
  6. එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව දමිළ ජාතික නායකයකු වන පස්හා නේදුමරන් පවසයි – 2009 මැයි 19 වන දින උතුරේ මුල්ලිවයික්කාල් හි තිබී හමු වූ මියගිය ප්‍රභාකරන්ගේ දේහයේ ඡායාරූප හමුදාව විසින් මාධ්‍යයට මුදා හැරි නිසා මොහුගේ ප්‍රකාශයට වලංගුභාවයක් තිබිය නොහැක.
  7. නේපාල බිලියනපතියකු වන බිනෝද් චෞද්රි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සමඟ සාකච්ඡා පවත්වයි – මෙහි දී බෙදාහැරීම, තොගවෙළඳපොල, විවේකකාල ක්‍රියා, මූල්‍ය සේවා සහ විනශ්පාදනය සඳහා ලබා ගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡාවට බඳුන් වී ඇති බව සඳහන්.
  8. විදුලි බිල සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම පෙබරවාරි 17 වන දින සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කරයි – මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි.
  9. තම විවාහ මංගල උත්සව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට විදේශිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉන්දියාවේ සහ ඇතැම් යුරෝපීය රටවල ඇති අවස්ථා සොයා බැලීමට මෙරට විවාහ මංගල ගමනාන්ත සැලසුම්කරුවෝ කටයුතු කරති – ගෝලීය විවාහ මංගල ගමනාන්ත වෙළඳපොල මෙම වර්ෂයේ ඇ.ඩො. බිලියන 28 ක් දක්වා සියයට 32.8 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  10. එළඹෙන පෙබරවාරි 17 වන දින ආරම්භ වීමට නියමිත “Deep Jungle Musical and Cultural Festival 2023” නම් සිව්දින සැණෙකෙලිය පිළිබඳ පරිසරවේදීන් සහ සංචාරක කොටස්හිමියන්ගේ අවධානය – මෙම සැණෙකෙලියෙන් හබරණ වනාන්තරයේ වනජීවීන් සහ සංවේදී පරිසර පද්ධතිවලට විශාල හානියක් සිදුවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan