විදුලිබිල් සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන්..

Date:

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී ඇත. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ජාතික සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි.

ජාතික සභාව දැනුම් දුන්නේ ඊයේ දිනයේදී, විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව 02 ට මුණගැසී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙසයි.

ඒ අනුව ඊයේ පස්වරුවේ දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට දැනුම් දී ඇත.

එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාහ කර ඇත්තේ අද දින කොමිෂන් සභාව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලපොරොත්තු වන බවයි. මින් පෙර ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය මේ මස 15 වනදාට පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිසම ජාතික සභාවට දැනුම් දී තිබුණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී පවසා ඇත්තේ හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...