*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

විග්නේෂ්වරන් බෞද්ධ ඉතිහාසය ගැන දන්නේ නෑ – මල්වතු පාර්ශවයේ අනුනායක

මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසන්නේ, සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා බෞද්ධ ඉතිහාසය පිළිබඳව අනවබෝධයෙන් අදහස් ප්‍රකාශ කර ඇති බවයි.

බුදුන් වහන්සේ පවා රජවරුන්ට අනුශාසනා කළ බවත් විග්නේෂ්වරන් මහතා ඒ බව නොදන්නේදැයි පැවසීය. උන්වහන්සේ තවදුරටත් මෙසේද පැවසීය .

“ආගම දහමට අකුල් හෙළන අය පිළිබඳව නඩුකාරයෙක්, මන්ත්‍රීවරයෙක් ඒ වගේම පක්ෂයක ප්‍රධානියෙක් විග්නේෂ්වරන්. එයා කියනවා හාමුදුරුවෝ මොකටද අපිට උපදෙස් දෙන්න කෑ ගහන්නේ. අපේ ආගමේ එහෙම වෙන්නේ නෑ කියලා. එයා දන්නේ නැතුව ඇති මේ රට රැකලා මොන තරම් භික්ෂූන් වහන්සේලා දිවි දුන්නා ද? එදා ඉඳලා ලොව්තුරා බුදුහාමුදුරුවෝ පවා රජගොල්ලන්ට අවවාද කරා. අනුශාසනා කරා. ඒක අපේ යුතුකමක්. අපි නිකම්ම දානේ ටික වළදලා නිකම් ඉන්න එක යුතුකමක් නෙමෙයි. මේ රට රැක ගන්න ඕනේ. මේ ජාතිය රැකගන්න ඕනේ. සම්බුද්ධ ශාසනය රැකගන්න ඕනේ. විග්නේෂ්වරන් මහත්තයා ඒ බව දන්නේ නැතුව ඇති…”

රටේ ඉතිහාසය පිළිබඳව ද විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා නිවරදි අවබෝධයක් බලාගත යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසයි.

“එතුමා කියනවා මහා වංශය, ථූප වංශය, චූල වංශය මේවා වැඩකට නැහැ, නියම කරුණු අන්තර්ගත නැහැ. මහා විශාල මුණිවතුන් ගෙනැවිල්ල මණ්ඩලයක් හදලා නැවත ඉතිහාසය ස්ථාපනය කරන්නට ඕනේ, ලියන්න ඕනේ කියලා. ඒත් එතුමා දැන්නේ නැහැ, මහා වංශය කොයි කාලයේ ඉඳලා පැවත එනවාද කියලා. චූල වංශය කොයි කාලයේ ඉඳලා පැවත එනවාද කියලා. ඒ වගේම ථූප වංශය.. මේ විදිහේ පුරාණ පොත්පත් ගැන එතුමා දන්නේ නැහැ. එතුමා එයාගේ හින්දු ආගම ගැන දන්නවා. මේ බුද්ධ ධර්මය ගැනවත්, සිංහලේ පැවතීම් ගැනවත් එතුමා දන්නේ නැතුව ඇති. දකුණු ඉන්දියාවේ මොන තරම්නම් විශාල පීඩනයක් මේ ශ්‍රී ලංකාවට මොන වාර ගණනක්, ද්‍රවිඩ අයගෙන් මේ ලංකාවට මහ කරදර… ඒ අයගේ බලය ලබාගන්න කටයුතු කළාද කියලා. ඒ නිසා මේ විදිහට කතා කිරීම පිළිබඳ අපි කනගාටුවට පත්වෙනවා අපි භික්ෂූන් වහන්සේලා විදිහට.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan