සුපර් බොව්ල් ෆුල් මාර්වලර්ස් කළ Rihanna ගේ අලුත්ම පණිවුඩය!

Halftime Shows කියන්නේ ඇමරිකානු පාපන්දු තරඟ අතරතුර පවතින සාම්ප්‍රදායික අංඟයකි. ජාතික පාපන්දු ලීගයෙහි (NFL) Super Bowl අතරතුර විනෝදාස්වාදය උදෙසා මෙන්ම රූපවාහිනී ප්‍රේක්ෂකයින් ඇඳ බැඳ ගනිමින් සහ රට පුරා ජනයාගේ ඒ පිළිබඳ ඇල්ම වඩාත් වැඩි දියුණු කිරීමට උපකාර වන පොප් සංස්කෘතියට මෙහිදී මූලිකත්වයක් ලැබේ.

මෙවර එදින වර්ණවත් කිරීමට ඔබ අප කවුරුත් දන්නා සංගීතයෙහි රාජිණියක් වන Rihanna එක්ව තිබීම විශේෂත්වයක් වී තිබිණි. එහෙත් Super Bowl Halftime Show එකට Rihanna ගේ දායකත්වය ලබා දීම පමණක් නොව ඒ සමඟ ප්‍රකාශයට පත් වූ යම් සිද්ධියක උණුසුම මේ වන විට ලෝකය පුරා පැතිරී ගොස් තිබීමත් බුකිය කලඹන තොරතුරක් වී හමාරය.

Super Bowl හි වේදිකාව දෙවනත් කරමින් නැගුණු ඇයගේ ඉදිරිපත් කිරීම මේ වන විට Twitter හි දෙවෙනියට Trending පෙන්වන ප්‍රවෘත්තිය වී හමාරය. ඇය එහිදී යම් අමුත්තෙක් හඳුන්වා දීමත් සමඟ ප්‍රේක්ෂකයන් අතර ඇති වූ ආන්දෝලනාත්මක පැනයන් රාශියකි.

සම්පූර්ණ රතු පැහැ ජම්ප් සූට් එකක් ඇඳගෙන, රිහානා සෙනඟට ඉහළින් ඉහළට නැඟුණු පාවෙන වේදිකා කිහිපයකින් එකක පෙනී සිටිමින් තම ඉදිරිපත් කිරීම සිදු කළේ එඳින ප්‍රේක්ෂකයක් කුල්මත් කරවමිනි.


“We Found Love,” “Where Have You Been,” “Diamonds” සහ “Work” යන වැනි සුප්‍රසිද්ධ ගීත ඉදිරිපත් කළ රිහානා තම රංගනය අතරතුර ඇය ගැබ්ගෙන ඇති බව පවා ඉඟි කල අයුරු සමාජ මාධ්‍ය කළඹවන්නට සමත් විය.

රිහානාට සහ රැප් ගායක A$AP Rocky ට දාව මාස 9ක පිරිමි දරුවෙක් සිටින අතර ඔවුන්ට එක් වන්නට නියමිත සිඟිත්තා ඔවුන්ගේ ජීවිතයට නවඅත්දැකීමක් වනු ඇත. Halftime show පැවැත්වීමට පෙර පැවති සම්මුඛ සාකච්ඡාවකදී රිහානා, සුපර් බෝල් හි රඟ දැක්වීම ගැන මුලින්ම දෙවරක්සිතූ බව ද විචාරකයෝ පවසති.


කෙසේ වෙතත්, “ඔබ මවක් වූ විට, ඔබට ලෝකයම භාරගත හැකි යැයි හැඟෙන අතර ඔබට ඕනෑම දෙයක් කළ හැකි බව” රිහානා ඇයගේ ඉදිරිපත් කිරීම විවේච්නය කළ අයවලුන්ට ද අභිමානයෙන් පිළිතුරු එක්කර තිබිණි. ලෝකයේ අම්මෙක් කියන්නේ ශක්තියේ උල්පතක් යන හැඟීම ඇතිව රිහානා කළ මේ ඉදිරිපත් කිරීම කාගේත් කතා බහට ලක් වූ මාතෘකාවක් විය.

ඉතින් රිහානා; නිරෝගී මව් පදවියකට ඔබට සුභ පැතුම්!



නිපුනි ලියනගේ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...