රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගැනීමට සමඟිය සැරසෙයි!

රාජ්‍ය නිලධාරීන් දේශපාලන නායකයන්ගේ වුවමනා ඉටු නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා අද (15) සමඟි ජන බලවේගය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

ඊට අදාළව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙන අතර එය හෙට දින විභාගයට ගැනෙන බවයි රහුමාන් මහතා සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු ආරම්භ කළ මොහොතේ සිට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු මැති ඇමතිවරු එය කඩාකප්පල් කිරීමට නොයෙක් උත්සාහයන් දැරූ අතර මේ වන විට ජන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන තැනට පත්ව තිබෙන බවයි ඔහු පෙන්වාදුන්නේ.

විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බැඳී සිටින හෙයින් ඒ අනුව ක්‍රියා කළ යුතු වන බවයි රහුමාන් මහතා කියා සිටියේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ධනාත්මක තීන්දුවක් ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...