*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ඇන්ටාක්ටිකාවේ ඩූම්ස්ඩේ ග්ලැසියරය දියවන ලකුණු; මුහුදු මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යාමේ අවධානමක් !

සුප්‍රසිද්ධ ඇන්ටාටිකාවේ “ඩූම්ස්ඩේ ග්ලැසියරය” හෙවත් දැවැන්ත ත්වයිට්ස් ග්ලැසියරය අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ උණුසුම් ජලය එහි දුර්වල ස්ථානවලට කාන්දු වෙමින් පවතින බවත් එමඟන් ග්ලැසිරය දියවයාමේ අර්බුදයකට ලක්ව ඇති බව එය අධ්‍යනය කරන විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර Thwaites Glacier Collaboration හි කොටසක් ලෙස ඩූම්ස්ඩේ ග්ලැසියරය පිළිබඳ අධ්‍යන ව්‍යාපෘතිය අරඹුණු අතර එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ වෙනුවෙන් සම්බන්ධව ඇත. Icefin නමින් හැඳින්වෙන දිය යට රොබෝ වාහනයක්, යොදා ගනිමින් කරන ලද පරීක්ෂණවලට අනුව Cornell විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ Britney Schmidt Nature සඟරාවට ප්‍රකාශ කර තිබුණේ දළ වශයෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තය තරම් විශාල වන මෙම ග්ලැසිරයේ දුර්වලම කොටස් හරහා එහි අභ්‍යන්තරයට උණුසුම් ජලය ඇතුළුව ඇති බවත් එය අප වඩාත් සැළකිලිමත් විය යුතු කරුණක් වන බවත්ය.

ග්ලැසිරය දියව යාම අසලිවැසි ග්ලැසිරයන්ද අස්ථාවර කිරීමට හේතුවන අතර, ඒ හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම විශාල වශයෙන් ඉහළ යනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.


සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan