වී බැරිනං මුං වවන්න – ජනපතිගෙන් උපදෙස්

Date:

වී වගාකළ නොහැකි ඉඩම්වල මුං වගා කිරීම සඳහා ගොවීන් ධෛර්යමත් කිරීමට තීරණය කර තිබෙනවා. මීට අමතරව ප්‍රධාන කන්න දෙක අතර අන්තර් භෝගයක් ලෙසද මුං වගා කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී නිළධාරීන් ලබාදුන් තොරතුරු සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.

මුං වගා කිරීම සඳහා රජයෙන් සහනාධාර ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යල කන්නයේ වී වගාකළ නොහැකි වගා භූමිවල සහ අන්තර් කන්නයේ අමතර භෝගයක් ලෙස මුං වගා කිරීම සඳහා අවශ්‍ය බීජ මිලදී ගැනීමට ගොවීන් වෙත මුල්‍ය සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා කෘෂිකර්ම නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙත්මි අවසන් පූර්ව වටයට

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

ආගමන විගමන පාලක ජනරාල්ගෙන් දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : එක්දින සේවය...

පක්ෂයට පිටින් ගිය පොහොට්ටුවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති...