ඩිමෙන්ශියාවට ගොදුරු වූ ඇමරිකානු සුප්‍රකට නළු බෲස් විල්ස් !

Date:

1955 මාර්තු 19 වන දින උපත ලද වෝල්ටර් බෲස් විලිස් යනු විශ්‍රාමික ඇමරිකානු නළුවෙකි. ඔහු Moonlighting (1985-1989) හාස්‍ය නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් සමඟින් ප්‍රසිද්ධියට පත් වූ අතර චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට පෙනී සිටි දක්ෂ රංගනශිල්පියෙකි.

67 හැවිරිදි මෙම සුප්‍රකට ඇමරිකානු නළු බෲස් විලිස් ෆ්‍රොන්ටෝම්පෝරල් ඩිමෙන්ශියාව (FTD) තත්ත්වයට පත්ව ඇති බව ඔහුගේ පවුලේ අය විසින් ඊයේදිනයේදී නිවේදනය කර ඇති බවට වාර්තා වේ.

බෲස් විල්ස් මීට පෙර තමාට Aphasia රෝගය ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව චිත්‍රපට ක්ෂේත්‍රයෙන් සමුගනු ලැබූ අතර ඉන් වසරකට ආසන්න කාලයක්ගිය පසු ඔහු ෆ්‍රොන්ටෝම්පෝරල් ඩිමෙන්ශියාව (FTD) තත්වයට ගොදුරුව ඇති බව අනාවරණයව ඇත.

මෙම ‌රෝගය මඟින් කථනය තේරුම් ගැනීමට හෝ ප්‍රකාශ කිරීමට ඇති හැකියාව නැති වීමට හේතු වේ. වෛද්‍යවරුන් මේ තත්වය හඳෞන්වා ඇත්තේහැසිරීම, භාෂාව සහ චලනය කෙරෙහි බලපාන මොළයේ ඉදිරිපස හෝ තාවකාලික කොටස්වල පරිහානිය නිසා ඇතිවන මොළයේ ආබාධ සමූහයක් බවයි. ඒඅනුව මෙය ක්‍රියාකාරීත්වයේ නොවැළැක්විය හැකි පරිහානියකි.

මෙම රෝගය වෙනුවෙන් රෝගය සඳහා ප්‍රතිකාර නොමැති අතර නිසි රෝග විනිශ්චය ලබා ගැනීමට වසර ගණනාවක් ගත විය හැකි ය.

වසර 40ක වෘත්තීය ජීවිතයක් පුරා, විලිස්ගේ චිත්‍රපට ලොව පුරා බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 5කට වඩා උපයා ඇති අතර Die Hard සහ The Sixth Sense වැනි ජනප්‍රිය චිත්‍රපට හේතුවෙන් ඔහු වඩ වඩාත් ජනප්‍රිය විය. මෑත වසරවලදී මූලික වශයෙන් සෘජු-වීඩියෝ ත්‍රාසජනක චිත්‍රපටවල පෙනී සිටි අතරලොව පුරා ජනාදරයට පත් සුප්‍රසිද්ධ තරුවකි.



සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...

ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...