ශ්‍රී ලාංකේය රන් රිදි ගැටුමක් ප්‍රංශයෙන් වැළකෙයි

මිගමු වෙරළ තීරය පාදක කරගෙන පැවත්වෙන ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ දීපිකා බණ්ඩාර සහ කසුනි තාරකා ලක්ෂානි සුදුසුම් ලැබුවා.ඔවුන් අතින් පරාජයට පත් වුණේ දීනේසා ප්‍රසාදිනි සහ ජේඩබ්ලිව්පි තුෂාරි යි.එම අවසන් පූර්ව තරගයේ ලකුණු තත්ත්වය 21/17; 21/15 ලෙස සටහන් වුණා.


අවසාන තරගයට දීපිකා සහ කසුනි සමඟ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා යුගලයක් වන නිරෝෂා ගුණසිංහ සහ මල්ෂා පියමාලි හමුවීමට තිබුණ අවස්ථාව වැළක් වූ ප්‍රංශයේ Aline Chamereau සහ Clemence Vieira නිරෝශාව සහ මල්ෂා ව 21/13; 21/17 සේ පරාජයට පත් කළා.ඒ නිසා අද පැවත්වෙන අවසන් සටනේදී ප්‍රංශ ක්‍රීඩිකාවන් සමඟ රන් සටනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සටන් වදින්නේ දීපිකා බණ්ඩාර සමඟ කසුනි තාරකා යි.


පිරිමි අවසන් තරගයේදී ජර්මණියේ ලකාස් සහ රොබින් සමඟ ප්‍රංශයේ පංශයේ ඔලිවර් සහ සැමුවෙල් සටන් වැදීමට නියමිතයි.
තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරග පැවති සිව්වන දිනය වූ පෙබරවාරි 16 වන දා තරග ප්‍රතිපල මේ සමඟ දැක්වෙනවා.
https://www.milsport.one/medias/fdvprfiles.php?d=ZmljaGllcnM=&f=ZGF5NC5wZGY=&s=8c85804d1c0422e5998d9d57f5be4475
තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ දීපිකා සහ කසුනිත්, ප්‍රංශයේ Aline Chamereau සහ Clemence Vieira යන ක්‍රීඩිකාවන් දෙදෙනාත් මේ සමඟ වන ඡායාරූපවලින් දැක්වෙනවා.ලෝක ආරක්ෂක සේවා වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානය කර පැවත්වීමේ ගෞරවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවෙනවා.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...