*
Monday, September 30, 2024
spot_img

Latest Posts

අහස උසට විදුලි බිල වැඩිවීම අනුමත කරනෙ නෑ – ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසන්නේ විදුලි ගාස්තු සංශෝධනයට තමන්ද එකඟ නොවන බව පවසනවා. විදුලිය නිශ්පාදනය සඳහා වැයවන පිරිවැය අඩු කිරීමට අවස්ථාව තිබියදී මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සිදු කර ඇති බවයි.

විදුලි ගාස්තු සංශෝධනයේදී මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ විදුලි ගාස්තු වැඩි කිරීම, පාතාල ක්‍රියාවකට සමාන ක්‍රියාදාමයක් බවට පත් වූ බවයි.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කරන්නේ නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් විදුලි කප්පාදුව සිදු නොකරන බවයි .

ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසන්නේ නව ගාස්තු සංශෝධනයට අනුව පාරිභෝගිකයන්ගෙන් මුදල් ලැබීමටත් පෙර විදුලි කප්පාදුව නතර කිරීම ගැටලු සහගත බවයි . එසේම උසස් පෙළ විභාගය පැවති සමයේද විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථාව පැවති බවත් ඔහු පවසයි.

ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපතිනි ටානියා එස් අබේසුන්දර සඳහන් කළේ අඛණ්ඩ විදුලිය ලබා දීමට හදිසියේ තීරණය කිරීම ගැටලු සහගත බවයි.

කෙසේ වෙතත් විදුලි ගාස්තු ඉහළ නැංවීමත් සමඟ දැනටමත් පාරිභෙෘ්ගිකයන්ට අත්‍යාවශ්‍ය සේවා රැසක ගාස්තුද ඉහළ නැංවීමට මේවනවිටත් තීරණය කර අවසන්ය. ඒ අතරට ආපන ශාලා සහ කමියුනිකේෂන් ද ඇතුළත්වේ.

විදුලි බිල වැඩි කිරීමත් සමඟ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටම බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල සියයයට 10කින් වැඩි කෙරුණා. සෙසු බේකරි නිශ්පාදනවල මිල ඉහළ නංවන්නේදැයි මෙතෙක් ස්ථිර ප්‍රකාශ්‍යක් සිදු කර නැහැ. කෙසේ වෙතත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කළේ රුපියල් 2යි 50ත් 3ත් අතර පැවති ලන්ච් ෂීට් 1ක මිල රුපියල් 5ක් දක්වා වැඩිවන බවයි.

ආහාර ඔතන කඩදාසි කොළයක මිලද රුපියල් 5ක් දක්වා වැඩි කිරීමට නියමිතයි. ආහාර මෙන්ම භාණ්ඩ බහාලන ෂොපින් බෑග් ඇතුළු සියලු ආහාර දවටන මිලද සියයට 15ත් 20ත් අතර මිලකින් ඉහළ යන බව එම සංගමය සඳහන් කරයි.

ජාතික ඉදිකිරීම් සේවක සංගමයද සඳහන් කළේ විදුලියෙන් භාවිත කරන උපකරණ භාවිත කිරීමේදී මේවනවිට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවයි. විදුලියේ සමස්ත වැඩි වීම සියයට 66ක් නොව සියයට 190ක් බව මෙම සංගමය් ලේකම් සුපුන් අබේසේකර පවසයි.

සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පැවසුවේ සෑම ෆෝටෝ කොපියකම මිල රුපියල් 5කින් වැඩිවන බවයි. ප්‍රින්ට් අවුට් සහ ලැමිනේටින් මිලද සියලු කමියුනිකේෂන් සේවා වල මිල වැඩිවන බව එම සංගමය සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan