අයිඑස් සටන්කාමීන් බන්ධනාගාරයකට කඩාවැදීම නිසා සිරියාවේ නොසන්සුන්තාවයක්

Date:

ඊසාන දිග සිරියාවේ කුර්දිවරුන්ට අයත් බන්ධනාගාරයකට කඩා වැද ජිහාඩ්වාදී රැඳවියන් පිරිසක් ඉවත්කරවා ගැනීමට වෙර දැරූ ඉස්ලාමීය අයිඑස් සටන්කාමීන් පිරිසක් නිසා එරට නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ.

මෙම තත්ත්වය මත නොකඩවා ප්‍රචන්ඩකාරී වාතාවරණයක් ඉකුත් බ්‍රහස්පතින්දා දින සිට සිරියාවේ මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිරියාවේ හසාකා නගරයේ මතුව ඇති මෙම නොසන්සුන්කාරී තත්ත්වය තුළ අයිඑස් සටන්කාමීන් 3,500 පමණ සිටි බව වාර්තා වන අතර, මොවුන් අතර එම සංවිධානයේ නායකයන් ද සිටි බවට පැවසේ.

කුර්දි ආරක්ෂක අංශ මේ වන විට බන්ධනාගාරය වටකර ඇති අතර, අසල්වැසි ප්‍රදේශ වල නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වෙර දරන බවට වාර්තා වෙයි.

සිදුවීමෙන් අයිඑස් සාමාජිකයන් 77 දෙනෙකු හා කුර්දි සටන්කාමීන් 39 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මියගිය කුර්දිවරුන් අතර, අභ්‍යන්තර ආරක්ෂක අංශ, බන්ධනාගාර ආරක්ෂකයන් සහ ත්‍රස්ත විරෝධී හමුදා ඇතුළු සාමාජිකයන් සිටි බව ද සඳහන්.

මේ අතර, අයිඑස් සංවිධානය ඊයේ (22) දින නිකුත් කළ නිවේදනයකට අනුව, බන්ධනාගාරයට එල්ල කළ ප්‍රහාරයෙන් අයිඑස් සංවිධානයේ බොහෝ සාමාජිකයන් පිරිසක් නිදහස් කර ගැනීමට ඔවුන් සමත්ව තිබේ.

සිය සගයන් නිදහස් කර ගැනීම සඳහා මෙසේ කුර්දි බන්ධනාගාරයට කඩාවැදීමට අයිඑස් සටන්කාමීන් තෙල් ටැංකියක් යොදා ගෙන ඇති බවට විශ්වාස කෙරේ.

ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත්කර ගැනීමට පෙර කුර්දිවරු ඉස්ලාමීය රාජ්‍ය අයිඑස් සංවිධානය පරාජය කිරීමේ මෙහෙයුමට එක්සත් ජනපදයට සහාය දැක්වූහ.

ඡායාරූප: ගෙටී ඉමේජස්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිපුනි වාසනා පෙරට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17...

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයන්ගේ ආදර...