විසඳුම IMF ද ? – හිටපු මහබැංකු අධිපතිගෙන් පිළිතුරු

” විවිධ අය අපෙන් අහනව මීට කලින් ඇයි ජාත්‍යන්තර අරමුදලට ගියේ නැත්තෙ කියලා. මම මහ බැංකු අධිපතිවරයා විදියට හිටපු සති 28 ක කාලය තුළදී අපි ඩොලර් බිලියන ඉන්දියාවෙන් බංග්ලාදේශය වගේ අපේ අසල්වාසී රටවල් වලින් ලබා ගත්තා. සියලුම ආනයන වලට බැංකුවලට අවශ්‍ය මුදල් අපිට ලබා දෙන්න පුළුවන් වුණා. ඒත් එක්කම ණය සම්පූර්ණ වශයෙන්ම ගෙවන්න අපිට හැකි වුණා. එහෙම බලද්දි දැන් අපි සති 48 ක කාලයක් තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. ඒ කාලය තුළදී අපට එක ඩොලර් එකක් වත් හම්බෙලා නෑ. ජාත්‍යන්තර අරමුදල පමණක් නොවේ වෙන තැන්වලින් වත් එක ඩොලර් එකක් වත් හම්බෙලා නෑ . ඉතින් ඒකෙන් තේරෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ නිකං ගියගමන මුදල් අරගෙන එන්න පුළුවන් තැනක් නෙවෙයි ඒත් එක්කම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම අපිට කොන්දේසි රාශියක් සපුරා ගන්න වෙනවා. ඒ කොන්දේසි සියල්ලම අපි සපුරනවා නම් ඒ හරහා අපේ විවෘත ආර්ථිකයට පීඩනයක් ඇතිවෙනවාමයි . අපේ රාජ්‍ය ක්ෂේත්‍රයට , රජයේ තියෙන ආදායම් මාර්ග වලට මේ හරහා දැවැන්ත බලපෑමක් සිදුවෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි මේ දේ පිළිබඳව අපිට හිතන් වෙලා තියෙන්නේ. ඉතින් අපි කලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියානම් මම හිටපු සතිය 28ක කාලෙදිවත් අපිට සතයක් වත් ලැබෙන්නේ නෑ. ඒ කාලේ අපිට බිලියන හතරකුත් තිබ්බා . අපි හිතමුකො ලැබුණ කියලා මං බාර ගත්තු දවසට පස්සෙ දවසේ අපිට එක ලැබුණත් ලැබෙන්නේ මිලියන 362 යි. ඉතින් අපිට ඒ වෙද්දි 4,000ක් ලැබිලා තිබ්බා .අපි ගියා නං අපිට ලැබෙන්නේ 362යි. ඒ 362 ලබාගන්නත් සියලුම ඉන්ධන ගමනාගමනය විදුලිය ආදියේ ගාස්තු විශාල ප්‍රමාණයක් වැඩි කරන්න වෙනවා .බදු විශාල වශයෙන් වැඩි කරන්න වෙනවා. කොන්ත්‍රාත් කරන බොහෝ දෙනෙකුට වැඩ කරන්න බැරි වෙන විදිහට අපිට පොලී ප්‍රතිශතයක් වැඩි කරන්න වෙනවා.

ඒත් එක්කම රුපියල නම්‍යශීලී කරලා අපි දන්නෙ නෑ කොතනින් ඉවර වෙයිද කියලා . දැන් නං හොඳ වෙලාවට මම හිටපු කාලේ වගේම රුපියල තද කරගෙන ඉන්නවා. මම ඒක සමග එකඟ වෙනවා. ඒත් නැවත රුපියල් පා කරන්න කියලා කිව්ව විටදී අපිට ඒක නැවත පා කරන්න සිද්ධ වෙනවා. එහෙම වෙනකොට අපි දන්නෙ නෑ කොතනින් ඉවර වෙනවද කියල. එනිසා මේ තීරණ ගනිද්දී මේ හැම පැත්තක්ම අපි සලකලා බලන්න අවශ්‍යයි .

අද අපේ රට දැවැන්ත සංකෝචනයට භාජනය වෙලා තිබෙනවා. සංකෝචනය වෙනකොට
බොහෝ අයට රැකියාවන් අහිමි වෙනවා . ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියල තියනවා රජයේ සේවය කප්පාදු කරන්න අවශ්‍යයි කියලා. එහෙම කප්පාදු කරද්දිත් රැකියාව අහිමි වෙනවා. මින් සියලුම දේවල්වලට රජය එකඟ වෙද්දී ඒවායේ පීඩාවක් දැනෙනවා. ජනතාවට ඉතින් මේවා කරන එක හොඳද නැති එක හොඳද , වේලාසනින් යායුතුද යන්නෙ නැති එක හොඳද, කියලා තීරණ ප්‍රතිපත්තිමය තීරණ ඒ සියලුම දේවල් එකට බලලා කැමතිද නැද්ද කියලා හිතලා බලලා තමයි තීරණ ගන්න වෙන්නේ .සමහරවිට රජයෙන් ඒව කරයි. සමහර රජයන් ඒවා කරන්නේ නෑ . මේ කරන හැමදේකම අන්තිම බලපෑම එන්නේ ජනතාවට කියන එක මතක තියාගෙන තමයි අපිට වැඩ කරන්න වෙන්නේ”

ලෙස හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැහැදිලි කළේය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...