සිරකරුවෙකු මියයාමේ සිද්ධියට සැක තිදෙනෙකුගේ වැඩ තහනම්

Date:

ඇඹිලිපිටිය කදුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර තිබෙන්නේ එළිමහන් සිර කඳවුරේ සේවය කළ ජේලර්වරයෙකු සහ තවත් සේවකයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයකු මෙම සිදුවීමෙන් මියගිය අතර මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සඳහා බන්ධනාගාර බුද්ධි අංශ නිළධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක්ද පත්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...