*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කණස්සල්ල

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරන්නේ මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බවයි. ඔවුන් පවසන්නේ, 2023 මාර්තු 19 වැනි දිනට පෙර පැවැත්වීමට නීතියෙන් නියම කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමට රාජ්‍ය බලධාරීන් විසින් මෑතදී ගත් උත්සාහයන් පිළිබඳව තමන් දැඩි කණස්සල්ල පළ කරන බවයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහස වන්නේ, රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව කියමින් රජය මෑත සතිවල ගත් තීරණ කිහිපයක් මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම වැළැක්වීමේ බලපෑමක් ඇති කර ඇති බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පෙර මුදල් නිදහස් කරන ලෙස රජයේ මුද්‍රණාලය විසින් කරන ලද ඉල්ලීම සහ මැතිවරණය සඳහා මුදල් නොමැති බව පවසමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීම ද ඊට ඇතුළත් බවයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ මැතිවරණ කටයුතු සඳහා අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබියදීය පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාර ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතනවල ක්‍රියාකලාපය මැතිවරණ නතර කිරීමට දැඩි උත්සාහයක් ගත් ආකාරය පැහැදිලිවම පෙන්නුම් කරන බවත් එමඟින් ජනතාවගේ ඡන්ද බලය හෑල්ලූවට ලක්වන බවත්ය.

රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන නීතියෙන් නියම කර ඇති මැතිවරණ වැළැක්වීමේ එවැනි උත්සාහයන් පෙර නොවූ විරූ බව නීතීඥ සංගය පවසන අතර එවැනි ක්‍රියා ජනප්‍රිය නොවන විධායකයකට හෝ ව්‍යවස්ථාදායකයකට භයානක පූර්වාදර්ශයක් වන බවයි.

නීතීඥ සංගමය තවදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන්වන්නේ සියලුම රාජ්‍ය බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බවත් එය ප්‍රතික්ෂේප කිරීම හෝ අපොහොසත් වීම දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් බවත්යි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නිසි කොන්දේසි නිර්මාණය කිරීම සහතික කිරීමට ජනාධිපතිවරයාටද බලය පවරා ඇති බවද නීතීඥ සංගමය පෙන්වා දෙයි.

ඡන්ද බලය යනු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිගත් මූලික අයිතිවාසිකමක් වන අතර, නියමිත දිනට මැතිවරණ නොපැවැත්වීම හෝ කල්දැමීම එම අතියිය උල්ලංඝණය කිරීමක් බවද නීතීඥ සංගමයේ අදහස වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත සහ පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් රජයේ සියලුම ආයතන විසින් ගරු කරනු ලැබිය යුතු, සුරක්ෂිත කළ යුතු අතර, ඒවා සීමා කිරීම, හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් ය.

මේ අවස්ථාවේ දී ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකය ද මෙම වගන්තිය උල්ලංඝණය කර ඇති බව නීතීඥ සංගමයේ පවසන අතර ඔවුන් අනතුරු අඟවන්නේ ඡන්ද බලයට බාධා කිරීමේ ඕනෑම පියවරක් දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දෙන බවටයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ ඡන්ද බලයට බාධා කිරීමට වසර ගණනාවක් පුරා විවිධ පාලන ආයතන විසින් දරන ලද උත්සාහයන් රටට සහ එහි ජනතාවට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ බවත් රටේ අත්‍යවශ්‍ය කටයුත්තක් වන මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් ලබාදීම සහතික කිරීම රජයේ පරිශුද්ධ යුතුකමක් බවත් තවදුරටත් ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හෝ බාධා කිරීමේ කිසිදු උත්සාහයකින් තොරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරන ලෙසත්, නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වග බලා ගන්නා ලෙසත්ය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan