*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

රබර් ගහ යට උණුසුමෙන් දිය වුණ සීආර් ජයග්‍රහණය

මහනුවර ක්‍රීඩා සමාජය බොහෝ ආර්ථික ස්ථරයන් සහ අධ්‍යාපන ස්ථරයන් නියෝජනය කරන සමාජ විවිධාංගිකරණය මුසු වූ ක්‍රීඩා සමාජයකි.ඒ සියල්ලක්ම මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එකතු වන්නේ බොහෝ ආදරය ඇතිවය.ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ද ඔවුන්ට පෙරළා ඒ ආදරයම ලබා දෙන්න පංතිමය වෙනසක් නොමැතිව බැදුණු මහනුවර ක්‍රීඩා සමාජය වටා එතුණු සබඳකම් ආදරයක පෙරවදනක් බඳුය.

නගරය ආශ්‍රිත අඩු ආදායම්ලාභි පවුල් බහුතරයක් වෙසෙන වතු ප්‍රජාවද,සමහර විට පොදු වෙළඳ පොළේ මුදලාලිගේ සිට මාළු වෙළඳ සැලක අයිස් කඩන්නෙක් දක්වා වූ සියලු ප්‍රබේද මහනුවර රගර් තරගයක මහනුවරට ආදරයේ ශක්තිය රැඟෙන එන්නෝය.සමහර විට නැඟෙන සංගීත වාද්‍ය භාණ්ඩයක හඬ යට තියෙන්නේ මහනුවර ක්‍රීඩා සමාජයට ආදරය කරන දෛනික උපයන්නෙක්ගේ මුළු දවසේම ඉපැයුම වන්නට ද හැකිය.



මේ ආකාරයට දැඩිව දිරි ගන්වන පිරිස එක්රොක්වන විශේෂ තැනක් ද මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් නිත්තවෙල පිටියේ වෙන්ව ඇත.ඒ රබර් ගහ යටනම් වූ විශේෂ තැනය.එහි සිටින්නෝ අපූරුය.ඔවුන්ගේ සංගීත නාද රටා නොව දිරි ගැන්වීම වෙනුවෙන් නැඟෙන හඬ ද උගුරේ ලේ රසට මුසුවන තරම් පතුළටම කිදා බැස,මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ගේ අඟේ ලේ නහරවලට ග්ලූකෝස් මුසු කරන ආකාරයේ එකක්ය.ඒ උත්තේජනය පිටියට බැස ක්‍රීඩකයන් කර තබාගෙන දුවන ආකාරයේ හැඟීම් දනවන සුළු එකකි.නැති ශක්තිය ජවය මස් පිඩුවක්,හුස්මක් ගාණේ අතුරන එකකි.

රබර්ගහ ගැන පූර්විකාව එසේ අමුණා තබන්නට සිත් වූයේ මෙවර නිපොන් ජාතික රගර් ලීග් සූරතාවය සිය අපරාජිතබව සමඟ මහනුවර කීඩා සමාජය හිමි කර ගත් අවස්ථාවේ දී, ඒ දිරි දීම මහනුවර දිරිය සවිය වී ඒ පිටුපස හඹා ඇවිත් සීආර් එෆ්සී ජයග්‍රහණයට හරස් කර ඉදි කළ කඩුල්ල බවට පත් වීම නිසාය.අවසාන තරගයට එනවිටත් විශාල තරග ජයග්‍රහණයක් නොලැබෙන්නේනම් මහනුවර ක්‍රීඩා සමාජයට සීආර් අභිබවා නිපොන් කිරුළ දිනන්නට බොහෝ ඉඩ තිබිණ.නමුත් සීආර් ක්‍රිඩකයින් පැමිණියේ තමන්ට දිනන්නට අවශ්‍යය විශාල ජයග්‍රහණය ලැබිය හැකි බවට විශ්වාසයෙන්ය.එය ආපිට හැර වූයේ ක්‍රීඩකයාගේ,පරිපාලකයාගේ සහ විවිධ වූ ප්‍රේක්ෂකයාගේ දායකත්වයේ අපූරු මුසුවෙනි.ක්‍රීඩාවකදී ක්‍රීඩකයා පමණක් නොව එයට ආදරය කරන ප්‍රෙක්ෂකයාද ක්‍රීඩාවේ උප සංස්කෘතික නියෝජනයක් වන අතර ඒ හඬට දිය හැකි දිරිය ගැන මේ ජයග්‍රහණයේ වටිනාකමෙන්ම උගත හැකිය.තවත් උදාහරණයක් ගෙනෙන්නේනම් මලල ක්‍රීඩා පාසල් කෙළි උළෙලවල ධාවන පථයේ මීටර් 300 අසළ රොක්වන වලල පොකුර එකතු කරන දිරි ඝෝෂාව සමහර තරග වෙනස් කරන අයුරු ද අපි විඳ ඇත්තෙමු.රබර් ගහ යට ආදරය නොවන්නට පරාජයේ තිත්ත රස වෙනුවට ජයග්‍රහණයේ මිහිර විඳ සැනසෙන්නට සීආර් ක්‍රීඩකයන්ට ඉඩ කඩක් තිබිණ.

විශාල මුදල් අනුග්‍රහයන් සමඟ මහනුවර ක්‍රීඩා සමාජය ක්‍රියාත්මක විය හැකිය.නමුත් ලද මේ ජයග්‍රහණයේ කැඩෙන අයිස් කුට්ටියක,විකිණෙන තුන පහ සොච්චමක මෙන්ම දිනෙක වැඩක වේතනය ද මුසුව තිබීම ජයග්‍රහණයේ හැඩය මනරම් එකක් බවට පත් කළ බව කිව යුතුය.ඇත්තටම මහනුවර ක්‍රීඩා සමාජය නොව මහනුවරම දිනීමක් වන තරමට මහනුවර මිනිස්සුන්ගේ සුවඳ ඊට කළවම්ව තිබිණ.


තරගයේ ආරම්භයේ සිටම මහනුවර කණ්ඩායම සසල කරන්නට සීආර් ක්‍රීඩකයෝ සමත් වූහ.ආක්‍රමණශීලී ක්‍රිඩා රටාව හේතුවෙන් මහනුවර ක්‍රීඩා සමාජය යම් යම් අනීතික ක්‍රියාවන් සඳහා පෙළඹිණ.අවවාද ද ලැබිණ.එහෙත් සීආර් වේගය ස්ථාවරව පවත්වාගෙන ගිය අතර එහි පළමු සාර්ථකත්වය වාර්තා වූයේ චතුර සෙනවිරත්න වෙතින්ය.තරගයේ නව වන විනාඩියේදී වාර්තා වූ දඩුවම් පහරක් සාර්ථක කර ගැනීම නිසා සීආර් ලකුණු පූවරුවට ලකුණු 3 ක් හිමි විය.යළි 34 වන විනාඩිය වන විට තේනුක නානායක්කාර සහ මොහාන් චතුර එක්ව තවත් ලකුණු හතක් එක් කරන්නට සමත් විය.තේනුක ඉතාමත් සූක්ෂම ආකාරයට මහනුවර ක්‍රීඩකයින් නොමඟ යවමින් ලැබූ උත්සාහක දිණමු නැවතත් නිසි ඉලක්කයට යොමු කළ චතුර සෙනවිරත්න ප්‍රවර්ථනය සාර්ථක කළ බැවින් පළමු අර්ධය ගෙවුණේ සත්කාරකයන්ගේ පැත්ත බින්දුවේ තිබියදී සීආර් ලකුණු පූවරුව 10 දක්වා ඉහළ නැඟ තිබියදී ය.


දෙවන අර්ධය සපුරා වෙනස් විය.නොනැවතී රබර් ගහ යට පිරිසගෙන් ලද සංගීතමය රිද්මය මෙන්ම ආවේගාත්මක උද්යෝගයේ රිද්මය සමඟ මහනුවර කණ්ඩායම වඩාත් ආක්‍රමණශිලී මෙන්ම උපක්‍රමශීලී වන්නට වූයේ සීආර් වෙත පීඩනය හරවා යවමින්ය.එහි ප්‍රතිපලයක් ලෙස මොහාන් චතුර 41 වන විනාඩියේදී මෙන්ම ගයාන් ඩිල්ෂාන් 54 වන විනාඩියේදි ද කහ කාඩ් අවවාදයට ලක් විය.

තරගයේ හතළිස් තුන්වන විනාඩිය හමාර වූයේ මහනුවර ලකුණු පූවරුව ක්‍රියාත්මක වෙමින්ය.ලවංග පෙරේරා ලැබූ උත්සාහක දිණුමේ ඉතා අපහසු ප්‍රවර්ථනය ඉතා සාර්ථකව නිමා කරන්නට තරින්ද රත්වත්තේ සමත් විය.මහනුවර ලකුණු තත්ත්වය හතක් විය.ඉනික්බිති 56 වන විනාඩිය නිමා වන විට තවත් ලකුණු හතක් සමඟ මහනුවර 14 – 10 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තේය.එම ලකුණු හත හිමිවන්නේ කවිඳු පෙරේරා විසින් ලබා ගන්නා අපූරු උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය සාර්ථකව නිමා කරන්නට තරින්දට හැකි වීමෙන්ය.
මහනුවර උත්සාහක දිණුමකට උත්සාහ කරන මොහොතේ සීආර් හී ප්‍රතිවිරෝධය සිය දැවන්ත සිරුරෙන් මැඩ ගන්නා මොහොමඩ් යාකුබ් අලි ලබා ගන්නා අපූරු උත්සාහක දිණුම ද 65 වන විනාඩිය ගෙවෙද්දී ලකුණු 7 ක් බවට පත් කරන තරින්ද රත්වත්ත සාර්ථක ප්‍රවර්ථනයක් බවට පත් කරන්නේය.ඒ අනුව ලකුණු පූවරුව 21 – 10 ක් සේ සීආර් පසු කරමින් පරතරය වැඩි කර ගත්තේය.70 වන විනාඩියේදි තරින්ද අවසාන තරගයක වැරද්දක් කළ නොහැකි බව සනාත කරමින් තවත් අපූරු නිදහස් පහරක් සාර්ථක කර ගන්නේ මහනුවර ලකුණු පූවරුව 24 දක්වා ඉහළට ගෙන යමින්ය.තරගයේ 81 වන විනාඩියේදි පීඩාවට පත්ව අන්ද මන්දව සිටි සීආර් ක්‍රීඩකයන්ගේ ඇස් මුලා කරමින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ සිව්වන උත්සාහක දිණුම වාර්තා කිරිමේ භාග්‍යය උදා කරගන්නා ආසිරි සෙනවිරත්න ලකුණු 29 – 10 ක් ලෙස නිපොන් ලීග් සූරතාවය හිමි මහනුවරට බව සනාත කර ගන්නේය.

තරගාවලිය පුරා මහනුවරට පමණක් දෙවැනි වෙමින් සීආර් ක්‍රීඩකයින් පෑ දස්කම් ද ඉහළ මට්ටමක පැවතිණ.විශාල ප්‍රගතියක් පෙන්වූ කණ්ඩායම බවට පත් වූ සීආර් කණ්ඩායම එළඹෙන වර්ෂයේදී මෙම පිඩනට තව දුරටත් පුළුල් කරමින් පිටියට බසින්නට සූදානම් වන්නේනම් මහනුවර ආධිපත්‍යයට එය පහසු නොවනු ඇත.

පෙරේදා පළමු කණ්ඩායම් හතරට පැමිණිමට නොහැකි තරමට මේ තරග වාරයේ පහතට වැටුණු සිඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ශ්‍රී ලංකා රග්බි පවුල බවට පත්ව සිටි රාජපක්ෂ පවුලේ රෝහිත රාජපක්ෂ වැන්නන් සිටියදී යුද හමුදා ක්‍රීඩකයින් වෙතින් දැවන්ත ප්‍රහාරයකට ලක් විය.ලකුණු 60 – 12 ක් තරමේ විශාල ජයග්‍රහණයකට යාමට යුද හමුදා කණ්ඩායමට හැකි විය.එම ක්‍රීඩා පිටියේදී ම යුද හමුදා ක්‍රීඩකයින් එම ජයග්‍රහණය ලබන්නට පෙර යුද හමුදා කාන්තා කණ්ඩායම සිය ආධිපත්‍යය යළිත් තහවුරු කරමින් සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩිකාවන්ට එරෙහිව 39 -00 ක් ලෙස අති විශිෂ්ඨ ජයක් බා ගන්නට සමත් විය.එම තරගයේදී නිසංසලා පියුමි වාර්තා වූ උථ්සාහක දිණුම් හතෙන් පහක්ම ලබා ගැනීම කැපී පෙණුනාය.දිලිනි කාංචනා සහ මධුභාෂි නිලුක්ෂි උත්සාහක දිණුම් එක බැඟින් ලැබූ අතර එම උත්සාහක දිණුම් දෙකක ප්‍රවර්ථන සාර්ථක කරන්නට උමයංගනා සත්සරණි සමත් විය.

මෙවර නිපොන් ලීග් සූරතාවය වෙනුවෙන් මහනුවර නායක දමිත දිසානයකගේ දෝත ස්පර්ශ කළ සූරතා කුසලානය නිපොන් පේන්ට් වෙනුවෙන් අම අවස්ථාව නියෝජනය කළ නේමන්ත අබේසිංහ සහ රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් වෙතින් පිරිනැමිණ.දහසකුත් බාධා ඇති කරමින් ඉතාම නරක දේශපාලන බලපෑම් මත,මේ රටේ පුරවැසියනගේ සාධාරණය සම්බන්ධ විශ්වාසය අධිකරණය බවට හඟවමින් ගෙවුණු නිපොන් ලීග් සූරතාවය සාර්ථක අන්දමින් නිමා කිරීම රගර් පරිපාලනය අශ්ලීල දේශපාලන ක්‍රියාවලියට එරෙහිව ලැබූ අපූරු ජයකි.



ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් ලබා දි තිබෙන තීන්දු පවා හෑල්ලුවට ලක් කරමින් ඒ අවසරය සහ ආශිර්වාදය මත රගර් පරිපාලනයට ජාතික තරග පවත්වාගෙන යන්න ඉඩ දී තිබියදීත්,එවැනි තත්ත්වයන් නිවැරදි කරන්නට උපදෙස් දිය යුතු ජාතික ක්‍රීඩා සභාව ද වැරදි පූර්වාදර්ශ සහ අර්ථ කථන දෙමින් ක්‍රීඩාවක ලෝක කුසලානය එරට එම ක්‍රීඩාවේ ජාත්‍යන්තර නියෝජනය සහිත පරිපාලන ඒකකයෙන් සඟවා ප්‍රදර්ශන කිරීමට එකතු වී ඇත.එහෙත් ඊට එකතු කරගත නොහැකි විශාල ප්‍රෙක්ෂක ආකර්ශණයක් සමඟ රගර් අවසන් තරගය පවත්වමින් ශ්‍රී ලංකාවේ රගර් සමාජය සිටින තැන ගැන අවබෝධයක් දුන්නත්,රගර් පරිපාලනයට එරෙහිව ගසන කැරල්ලේ කැරලිකරුවන්ගේ උද්ධච්ච මෝඩකම් නිමා වෙනු වෙනුවට තව තවත් වැඩි විය හැකිය.ඒ නිසා සාර්ථක මිනිසාට අකුල් හෙළනු මිස ඔහුගේ සාර්ථකත්වයට ආශිර්වාද කරන දේශපාලන පරිසරයක් නැති රටක රගර් ක්‍රීඩාව ලැබූ ජයග්‍රහණයක් ලෙස මෙවර රගර් ලීග් සූරතාවය හැඳින්විය හැකිය.



නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan