යුක්රේන යුද්ධයේදී චීනය විසින් රුසියාවට සහය දක්වන බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චෝදනා කරයි.

Date:

ඊයේ(19) දිනයේදී මියුනිච්හි පැවැති ආරක්ෂක සමුළුවකදී යුක්රේන යුද්ධය සඳහා රුසියාවට ආයුධ සහ පතොරම් ලබාදීමට චීනය සලකා බලමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම ආරක්ෂක සමුළුව සඳහා චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ද සම්බන්ධව සිටි අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණේ, චීනය යම් හෙයකින් යුක්රේන යුද්ධයේදී රුසියාවට මිලීටරි සහය ලබා දෙන්නේ නම් චීනයට බරපතල ප්‍රතිවාපාක විඳින්නට සිදුවන බවයි.

මේ වන විට රුසියාවේ ආර්ථිකය අඩපණ කිරීම සඳහා නිර්මාණය කර ඇති බටහිර සම්බාධක මග හැරීමට චීනය රුසියාවට උදව් කිරීම ගැන එක්සත් ජනපදය කනස්සල්ලට පත්ව සිටින බව බ්ලින්කන් මහතා පැවසීය. රුසියාව සමඟ චීනයේ වෙළඳාම වර්ධනය වෙමින් පවතින අතර එය රුසියානු තෙල්, ගෑස් සහ ගල් අඟුරු සඳහා විශාලතම වෙලඳපොලවලින් එකකි.

ඉදිරි මාසවල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙහෙයුම් වෙනුවෙන් එක්සත් ජනපදය ඇතුළු නේටෝ සාමාජිකයින් යුක්රේනයට යුද ටැංකි ඇතුළු විවිධ අවි ආයුධ, පතොරම් සහ උපකරණ යවමින් සිටිති. මෙහිදී චීනයයේ ප්‍රතිපත්තිය නිහඬ එකකි.

චීන ජනාධිපති ෂී ජින්පින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ මිත්‍රයෙකු වන අතර තවමත් රුසියාවේ ආක්‍රමණය හෙළා දැක නැත. චීනයේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ රුසියාව සමඟ ඇති සබඳතා සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් කරනු ලබන චෝදනා එකහෙළාම ප්‍රතික්ෂප කරන බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...