ණය ගත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණයි: මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Date:

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ රජය මේ වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි ප්‍රකාශ කර තිබියදී රජය පසුගිය මාස එකහමාරක කාලයක් තුළ රුපියල් කෝටි ලක්ෂය ඉක්මවා ණය ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමිනි.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම පිළිබඳ තර්කයක් නැතත්, සිදු වූයේ තිබූ භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන අවස්ථාවේ ඒ වෙනුවට නව භාණ්ඩාගර බිල්පත් නිකුත් කොට පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම පමණක් බවත්, අලුතින් හඳුන්වා දුන් බදු මෙම මාසයේ සිට රාජ්‍ය ආදායමට එකතු වුවද, ආදායම සහ වියදම අතර පරතරයක් පවතිනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටී.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...